ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් ගිය තරුණ කතක එහි රියැදුරුගේ හිසට මිටියකින් පහර දී ඔහු ගෙල බැඳ සිටි රන් මාලය කඩාගෙන යද්දී අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
22 හැවිරිදි සැකකාරිය හමුදා සෙබළකු සමග විවාහ වී සිටින බවත් ආර්ථික ගැටලු නිසා රන් මාලය කඩාගත් බවත් පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ.
සැකකාරිය ත්‍රිරෝද රථයෙන් ගමන් කිහිපයක් ම ගොස් අතුරු මාර්ගයකදී මෙසේ රියැදුරුට පහර දී තිබේ. ත්‍රිරෝද රියැදුරු සිද්ධිය ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති අතර පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් සැකකාරිය අත්අඩංගුවට ගැනීමේදී කඩාගත් රන් මාලය ඇය කුඹුරකට විසිකර තිබේ.
මෙම රන්මාලයේ වටිනාකම රුපියල් එක්ලක්‍ෂ පනස්දහසක් බව අලවතුගොඩ පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන