තාක්ෂණ ශිල්පියා දුම්රියකින් ඩීසල් අදී

203

ගාල් කර තිබූ දුම්රිය ඇන්ජිමකින් ඩීසල් සොරකම් කළ බව කියන දුම්රිය සේවකයෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අද (29) අළුයම වන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත දුම්රිය ස්ථානයට අනියුක්තව සේවය කරන දුම්රිය තාක්ෂණික ශිල්පී සහායකවරයෙකි.
සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 15 ක්ද පොලිස් බාරයට ගෙන ඇත. සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment