තාත්තාගෙන් පුතාට සම්මාන…

982

ක්‍රිකට් ජයග්‍රහණයක් වෙනුවෙන් රනුක ජයසූරියට (පුතාට) සනත් ජයසූරියගේ සුරතින් (පියාගෙන්) සම්මාන ලැබීමේ අපූරු අවස්ථාවක් දැක ගැනීමට පසුගියදා ක්‍රීඩා ලෝලීන්ට හැකි විය.
ඒ.ඩී.ස්පෝට්ස් වයස අවුරුදු 15න් පහළ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා කොළඹ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි.මේ සඳහා එස්. එස්. සී. ක්‍රීඩා සමාජයත් හොරණ එස්. සී. සී. ක්‍රීඩා සමාජයත් තරග කරන ලදි. කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දුන් එස්. සී. සී. ක්‍රීඩා සමාජය පන්දු වාර 37යි පන්දු 3කදී සියල්ලන් දැවී ලකුණු 97ක් හිමිකර ගත්හ. එස්. සී. සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් තෙනුද යාපා ලකුණු 24ක් ලබා ගන්නා ලදි. එස්. එස්. සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් පන්දු යැවීමේදී තෙවිඳු ඉමේත් ලකුණු 29කට කඩුලු 5ක් ලබා ගත්හ.

අනතුරුව පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩා සමාජය කඩුලු දෙකක් දැවී ලකුණු 100ක් ලබා තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ නායක රනුක ජයසූරිය එම කණ්ඩායම මෙහෙයවන ලදි.නොදැවී ලකුණු 41ක් ලබාගත් එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ තෙවිඳු ඉමෙත් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය සහභාගී විය. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වූහ. ඒ ඩී ස්පෝට්ස් අධිපති ආනන්ද දසනායක යුවල හා කාර්ය මණ්ඩලය මෙය සංවිධානය කර තිබේ.

ඥානතිස්ස ජයවර්ධන- බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment