මැ.කො. සභාපති
මෙම මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට විදේශ තානාපති කාර්යාල නිලධාරීන්ට හෝ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.
ශ්රී ලංකාවේ මැතිවරණ කටයුතු සම්බන්ධව විදේශ තානාපති කාර්යාලවලට හෝ යුරෝපා සංගමයට නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබාදීමට කිසිදු නීතිමය ප්රතිපාදනයක් නැතැයි ද ඒ මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් 40 දෙනකු පමණ අද (16දා) ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔවුන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වීමට බලාපොරොත්තු වන බවත් යුරෝපා සංගමයේ ශ්රී ලංකා කාර්යාලය සඳහන් කරයි.
උපාලි ද සේරම්