තාඹුගලගෙන් උසාවියට පැය 3ක රහස් ප්‍රකාශයක්

69

වැඩිදුර ප්‍රකාශයට අදත් කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු තමාගෙන් රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික අවුරා ලංකා

සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා ඊයේ (24දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේදී පැය තුනක රහස් ප්‍රකාශයක් ලබාදුන්නේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් රහස් ප්‍රකාශය සටහන් කිරීම සඳහා ඔහුට අද ද (25දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. කෝටි හතක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තමාට එරෙහිව සිදුකරන විමර්ශන අඩපණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකී අල්ලස් මුදල ඉල්ලා සිටි බව පවසා ඒ සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙස හෙතෙම අධිකරණයෙන් මින් පෙර ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment