තායිලන්තයේ ගින්නකින් සතුන් 1000 ක් මරුට

156

තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි ප්‍රකට විවෘත වෙළඳපොළක් වන ‘චටුචක්’ වෙළඳපළේ, ඊයේ (11) පැතිර ගිය දරුණු ගින්නක් හේතුවෙන් වෙළඳසල් 100කට අධික සංඛ්‍යාවක් පිළිස්සී ගොස් ඇති අතර සතුන් 1000 ක් පමණ දෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අදාළ විවෘත වෙළඳපළේ සුරතල් සතුන් සිටි කලාපයේ පැතිර ගොස් ඇති මෙම ගින්න හේතුවෙන් බල්ලන්, පූසන්, කුරුල්ලන්, නාගයන්, පිඹුරන් හා මීයන් ඇතුළු සතුන් 1000 ක් පමණ,දෙනා පිළිස්සී මිය ගොස්,තිබේ.

විදුලි පරිපථයක දෝෂයක් හේතුවෙන් හටගෙන ඇති මෙම ගින්නෙන් එහි සිටි කිසිදු පුද්ගලයෙකු මිය ගොස් හෝ තුවාල ලබා නොමැති අතර සතුන් පමණක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය හේතුවෙන් සතුන් නිසි සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැතිව ගාල් කර ඇති අදාළ විවෘත වෙළඳපොළ වසා දමන ලෙස මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් වැඩි වී ඇතැයි බලධාරීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment