තායි ඩබල් ඩෙකර් බස් අනතුරෙන් 14ක් මරුට

271

තායිලන්තයේ අධික වේගයකින් ධාවනය වූ දිගු දුර ඩබල් ඩෙකර් බස් රථයක් මහා මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන් බස් රථයේ ගමන් ගත් 14 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 32 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම අනතුරත් සමගම පෙරළි ගොස් ඇති ඩබල් ඩෙකර් බස් රථයේ ඉදිරිපස කොටස දෙකට වෙන් වී ගොස් ඇති බව වාර්තා වේ.

අනතුරට පත් ඩබල් ඩෙකර් බස් රථය මගීන් 46 දෙනෙකු රැගෙන නතාවී දිස්ත්‍රික්කයේ සිට සොන්ග්ක්ලා දිස්ත්‍රික්කය දක්වා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදු වී තිබේ. තායිලන්තය වාර්ෂිකව මාර්ග අනතුරුවලින් වැඩිම පිරිසක් මිය යන රටක් වශයෙන් හඳුනාගෙන ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසරකට තායිලන්තයේ සිදු වන මාර්ග අනතුරුවලින් 20,000ක් පමණ දෙනා මිය යයි.

advertistmentadvertistment
advertistmentadvertistment