තායිලන්තයේ දී පසුගියදා පැවති 05 වැනි තායි ජාත්‍යන්තර මාර්ෂල් ආට්ස් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක එම්. ඒ. සම්පත් ජයසිංහ එහිදී කිලෝග්‍රෑම් 51 බර පංතියෙන් රටවල් 32 ක් අතරෙන් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වී ඇත.
නාවලපිටිය දෙකදගම පදිංචි ඔහු මෙම තරගාවලිය සඳහා තම පෞද්ගලික වියදමින් ඉදිරිපත් වී ඇති අතර 2019 වසරේ දී ඔහු මෙම තරග අංශයෙන් ලෝකඩ පදක්කම හිමිකර ගෙන තිබේ.