තාලිබාන් සංවිධානය ඇමෙරිකානුවන් සමග ගුවන් යානා 6ක් ප‍්‍රාණ ඇපයට ගනී

357

ඇෆ්ගනිස්ථානයේ මසාර් ෂරිෆ් ගුවන් තොටුපළේ සිට ගුවන්ගතවීමට සූදානම්ව තිබූ කුලී ගුවන් යානා හයක් සහ එහි සිටි ඇමෙරිකානුවන් මෙන්ම ඇෆ්ගන් භාෂා පරිවර්ථකයන් රැුසක් තාලිබාන් ත‍්‍රස්තයන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 මේ බව ඇමෙරිකානු සෙනෙට් සභික මැක්මුල් ද හෙළිකර ඇත. අත්අඩංගුවේ සිටින ඇමෙරිකානුවන් වෙනුවෙන් කප්පම් ගැනීමට තාලිබාන් ත‍්‍රස්තයන් උත්සාහ කරන බව හෙළිවී ඇත. එසේම ඇෆ්ගනිස්ථානය තුළ සිටින ඇමෙරිකානුවන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් ද දියත් වී තිබේ. අත්අඩංගුවට ගෙන ඇති ඇමෙරිකානුවන් කවුදැයි මෙතෙක් හෙළිවී නැත. තාලිබාන් ත‍්‍රස්තයන්ගේ අත්අඩංගුවේ ඇති යානා කුලී ගුවන් යානා වේ.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment