43වැනි ජාතික යෞවන කෙටි නාට්‍ය උළෙල මෙම 24 වැනිදා සිට 31දා දක්වා කොළඹ එල්ෆින්ස්ටන් හා ටවර් රඟහලේදී පැවැත්වේ. දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය අංකුර කලාකරුවන් ජාතියට හඳුන්වාදීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව විසින් මෙය සංවිධානය කරනු ලබයි. ජාතික යෞවන නාට්‍ය තරගාවලියේ අවසන් වටයට තේරී පත්ව ඇති කෙටි නාට්‍ය දෙසැම්බර් 24 දින සිට 31 දින දක්වා දිනපතා පස්වරු 6.00ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී හා ටවර් රඟහලේදී පැවැත්වේ.
දෙසැම්බර් 24දා හිමාෂා ජයසිංහ, ඩිල්ෂාන් තිලංක සහ පවන් මදුෂංකගේ ‘හණමිටිකාරයෝ’ ජනාධිෂෝනිල් සමරසේකරගේ ‘සිරිත් විරිත්’ අගිලේෂ්වරන් ක්‍රිෂ්ණරාජාගේ ‘Ilavadhigai’ ඉලවන්දිගයි (දමිළ) දනුක මාලින්ද අනුරාධගේ ‘මේ ගමන යන්නම ඕනෙද’ කෙටි නාට්‍යය ද දෙසැම්බර් 26දා පැතුම් සඳරුවන්ගේ
‘The Divorce’ සකිල නුවන්ත සුගතදාසගේ ‘The Traum’ එස්. ෆාතීමා ඉෂාරාගේ ‘වීරනින් මනවි’ චරිත් මධුරංගගේ ‘ජාතික වීරයෙක්, පැතුම් සඳනුවන්ගේ ’18 Plus’ (ඉංග්‍රීසි) යන කෙටි නාට්‍යයන් ද දෙසැම්බර් 27දා විරාජ් රත්නායකගේ ‘රෑපා’, ඉසුරු ගුණවර්ධනගේ ‘දුක්ගිනි සින්දන’, බාස්කර් කෘෂාන්ගේ ‘Madayar’ මඩයර් (දමිළ), සුමුදු නෙත්ති ආරච්චිගේ ‘කාසියට ගහක්’ යන කෙටි නාට්‍යන් ද සෑම දිනකම පස්වරු 6.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.
දෙසැම්බර් 28දා පූර්ණජිත් අනුරාධගේ ‘වාසනා වේවා’, රශ්මික දිල්හාරගේ ඩුබායි, ක්‍රිෂ්ණන් හමීෂා දේවිගේ ‘මාංගල්‍යම්’ (දමිළ), කළණ ප්‍රේමසිරිගේ ‘මරදානේ වංකගිරිය’ යන කෙටි නාට්‍යයද දෙසැම්බර් 30දා දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ ”Ask the Oudence” රන්දික විමලසූරියගේ ‘මම නෙමෙයි වෙන කෙනෙක්’, රාමචන්ද්‍රන් තිරුකුමාරන්ගේ ‘Maruthalipu’ මරුදලිප්පු (දමිළ), රවිඳු සම්පත් වික්‍රමසේකරගේ ‘සඳමේධරා’ කෙටි නාට්‍යයද, දෙසැම්බර් 31 ජයනි කලුආරච්චිගේ ‘දඩිං බිඩිං ඩෝං’ සුරේෂ් මධුෂාන්ගේ ‘කාටවත් කියන්න එපා’, රාමලිංගම් ශ්‍රී කාන්ත්ගේ ‘මයි කඩවුල්’ උපුල් ආරියරත්නගේ ‘ඒකට කමක් නෑ මම යනවා යුද්දෙට’ ප.ව. 6.00ට මරදාන ටවර් රඟහලේදී වේදිකාගත වේ. මේ බව තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ අනිල් සිරිවර්ධන නිවේදනය කර තිබේ.