ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රජයේ සේවකයන්ට ලබා දී තිබූ කාලසීමාව අදින් (12 දා) අවසන් වෙයි.
ඉකුත් 4,5,6 දිනවලත් ඊයේ (11දා) දිනයේත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට රජයේ සේවකයන්ට අවස්ථාව ලබා දී තිබුණි.
ඊයේ දිනයේදීත් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඉදිරියේදී අනන්‍යතාව තහවුරු කර ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
අද දිනයේද ඡන්ද ප්‍රකාශ නොකරන තැපැල් ඡන්ද දායකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඉන්පසුව නොහැකි වනු ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
රනිල් ධර්මසේන