තැපැල් ඡන්දය සාමකාමියි:

23

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද දායකයන් අතිබහුතරයක් මේ වනවිට ඡන්ද ප්‍රකාශ කර අවසන් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

තැපැල් ඡන්ද විමසීම සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට ඉතාම සාමකාමී බවත්, එම සිද්ධීන් ද මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොමැති බවත් එම සංවිධානය සඳහන් කරයි.

මේ අතර මෙතෙක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට අවසාන ලෙස අද දිනයේදී පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

රනිල් ධර්මසේන


advertistmentadvertistment