තැපැල් ඡන්දය 24දා සිට දළදා ප්‍රදර්ශනයේ රාජකාරි කරන නිලධාරීන්ට නුවරදී ඡන්දය දාන්න පුළුවන්

19

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 24 වැනිදා ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මෙම තැපැල් ඡන්ද විමසීම ලබන 22 හා 23 පැවැත්වීමට කොමිසම මීට පෙර තීරණය කර තිබුණි.

නව තීරණයට අනුව ලබන 24, 25 හා 28, 29 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

මැතිවරණ කොමිසම, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, පොලිස් හා විශේෂ කාර්ය බළකා කාර්යාලවල, සෙසු රාජ්‍ය ආයතන හා හමුදා කඳවුරු 24, 25 හා 28 දිනවලදීත් ඉහත දිනවල ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයන්ට 29 වැනිදා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදීත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

මහනුවර දළදා ප්‍රදර්ශනයේ රාජකාරියේ නිරත පොලිස් හා හමුදා අංශවල සාමාජිකයන්ට ඒ සඳහා මහනුවරදී විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර තිබේ.

පළාත් පාලන ආයතන 339 සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම බොහෝදුරට අවසන්ව ඇති අතර ලබන 21 වැනිදා එම කටයුතු අවසන් කෙරේ.

රනිල් ධර්මසේන


advertistmentadvertistment