තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම 5දා අවසන්

35

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 05 වැනිදා අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්ද අයැදුම් කිරීම සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනය සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය.

මෙයට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, තැපැල් මූලස්ථානය, නාගරික සංවර්ධන අධිකාරිය, ධීවර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ද 2024 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කෙරේ.

තැපැල් ඡන්ද අයැදුම්කරුවන් සිය අයැදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි වෙත යොමු කළ යුතු වෙයි.

අයැදුම්පත් ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00ට පෙර ලැබීමට සැලැස්විය යුතු බවත් එදිනට පසුව ලැබෙන අයැදුම්පත් ප්‍රතික්‍ෂේප කරන බවත් සභාපතිවරයා කියා සිටියේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment