අන් අයකු විසින් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය තම සමාජ මාධ්‍ය පිටුවක පළකළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව පෙරේදා (05 දා) පැමිණිල්ලක් ලැබී තිබේ.
එම පුද්ගලයා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකකෙි. ඔහු එම නිල තැපැල් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය කුමක්දැයි මෙතෙක් හෙළි වී නැත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව එය කුමක්දැයි ප්‍රකාශ කළ හැකි බව වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඔහු සමාජ මාධ්‍ය වෙත යොමුකොට ඇත්තේ දෙමළ පොදු අපේක්ෂකයා වෙනුවෙන් සලකුණු කරන ලද නිල ඡන්ද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයකි.
මේ සම්බන්ධයෙන් වවුනියාව මැතිවරණ කාර්යාලය වෙත හා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් වෙතද පැමිණිලිකොට තිබේ.
දිනසේන රතුගමගේ