තෑගි මුදල් වංචා කළ කොස්තාපල්ට ඇප

82

තම සහෝදර පොලිස් නිලධාරීන්ට අයත් ත්‍යාග මුදල් වංචනිකව ලබාගෙන රුපියල් හැත්තෑහතර දහස් දෙසීයක් වංචා කළ පොළොන්නරුව පොලිසියේ ගිණුම් අංශයේ කලක් සේවය කළ දැනට එරාවුල් පොලිසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ දෙකක ඇපයක් මත මුදාහැර ඇත.

මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර තිබේ.

මෙම කොස්තාපල්වරයා මෙසේ ගිණුම් අංශයේ සේවය කරද්දි පොළොන්නරුව පොලිස් බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් රාජකාරියේදී සිදුකළ විවිධ දක්ෂතා පෙන්වීම සඳහා ඔවුන්ට පිළියෙල කර තිබූ මුදල් වවුචර්වලට හොර අත්සන් යොදා එම මුදල් ලබාගෙන ඇතැයි පැවැසේ. පසුව ඔහු එරාවුර් පොලිසියට මාරුවීමක් ලබා ගොස් ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment