විරාත් කෝලිගේ සහ දෙව්දුත් පදිකෝල් ගේ විශිෂ්ට පිතිහරඹයත්, ජොස් හේසල්වුඩ්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 42වන තරගය වූ රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලැබීමට රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
පෙරේදා (24 දා) බැංගලූරු හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 205ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වූ අතර, ලකුණු 206ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 194ක් වීම හේතුවෙන් ලකුණු 11ක තියුණු ජයක් රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමට හිමිවිය.
රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විරාත් කෝලි ලකුණු 70ක්, දෙව්දුත් පදිකෝල් ලකුණු 50ක් සහ පිල් සාල්ට් ලකුණු 28ක් ලැබීය.
පන්දු යැවීමේදී සංදීප් ශර්මා ලකුණු 45කට කඩුලු 2ක් දවාලීය.
රාජස්ථාන් රෝයල් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී යසස්වි ජස්වාල් ලකුණු 49ක්, ඩේව් ජෙරූල් ලකුණු 47ක් සහ නිතිෂ් රණා ලකුණු 28ක් ලැබීය.
පන්දු යැවීමේදී ජොස් හේසල්වුඩ් ලකුණු 33කට කඩුලු 4ක් සහ කුර්නල් පාණ්ඩ්‍යා ලකුණු 31කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස ජොස් හේසල්වුඩ් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්
සංස්කරණය – සුසිල් ජයකොඩි