තිරසර වැඩපිළිවෙළ ගෝලීය Soy Connext සමුළුවේදී ඇගයුමට ලක්වෙයි

32

ඇමෙරිකානු එක්සත් ජනපද සෝයාබෝංචි කවුන්සිලය මගින් සංවිධානය කරන ලද මෙවර Soy Connext සමුළුව සඳහා රටවල් 60කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 700කට වැඩි පිරිසක් සහභාගි වූහ. එහිදී වර්තමාන වෙළෙඳපොළ සහ අනාගත ප්‍රවණතා, එක්සත් ජනපදය සෝයාබෝංචි වගාකරුවන්ගෙන් ලබාගත් දැනුම, පෝෂණ විද්‍යාව, ආහාර ලේබල් කරණය සහ ඇසුරුම්කරණය, සැපයුම් දාම සහ තිරසරභාවය වැනි අංශ ගණනාවක් ඔස්සේ සාකච්ඡා සංවාද පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රකට නිව් ඇන්තනීස් සමූහය සිය පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළ සහ තිරසර න්‍යාය පත්‍රය වෙනුවෙන් ගෝලීය එක්සත් ජනපද සෝයි සමුළුව වන Soy Connext හිදී ඇගයුමට පාත්‍රවිය. මෙම සමුළුව එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වුණි.

නිව් ඇන්තනීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා (වමේ සිට දෙවැනියට) සැන්ෆ්‍රැන්සිස්කෝ හි පැවැති Soy Connext සමුළුවේදී ලද සම්මානය අතැතිව. එක්සත් ජනපද සෝයාබෝංචි අපනයන කවුන්සිලයේ සභාපති ලාන්ස් රීසැක් සහ ප්‍රධාන විධායක නිලධාරී ජිම් සටර් යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.

ඉකුත් වසරේ ජූලි මාසයේදී නිව් ඇන්තනීස් සමූහයට සිය නිෂ්පාදනවලට Sustainable U.S Soy සහ Fed with Sustainable යන එක්සත් ජනපද ප්‍රතීතන සහතික එක්කිරීමේ අවස්ථාව උදාවිය. එම සහතික හිමිකරගත් දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ පළමු සමාගම වීමද තවත් විශේෂත්වයකි.


advertistmentadvertistment