තිරසාර නව දේශපාලන මඟකට ශ‍්‍රී.ල.නි.ප.ය සූදානම් කරමූ

290

දේශපාලන කුණාටුවලට දේශසීමා නොමැත. ආදී මානවයාගේ සිට වර්තමාන ඩිජිටල් යුගය දක්වාම දිවෙන මානව ඉතිහාසය කියවීමේදී අපට කියාදෙන්නේ එම දේශපාලන ගැටලූවල අතීත කථාවයි.

 ශ‍්‍රී ලංකාවේ දේශපාලන වෘතාන්තයද එවැනි ගැටුම් වලින් හිස් නොවූවකි. ඉපැරණිතම දේශපාලන පක්ෂයේ සිට මෑතකදී කරළියට පැමිණි නව දේශපාලන ව්‍යාපාරද නන්විධ දේශපාලන කුණාටුවලට හසුව ඇත. අභ්‍යන්තර බල අරගල දේශපාලන පක්ෂ සියල්ලටම පාහේ ආවේණිකය. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටද එසේම අදාළ වේ.

තිරසාර නව දේශපාලන මඟකට  ශ‍්‍රී.ල.නි.ප.ය සූදානම් කරමූ

1956 දී මෙරට සිවුවන අගමැතිවරයා ලෙස පත්වූ සොලමන් වේස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (එස්.ඩබ්.ආර්.ඞී.) මහතා ලංකා දේශපාලනයේ එතෙක් පැවති ප‍්‍රධාන දේශපාලන දහරාවට විකල්පීය ලෙස, නවමු දේශපාලන චින්තනයකින් සවිමත් මැද මාවතේ ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් හඳුන්වා දෙමින් 1951 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේය.

 එතුමාණන් ලංකා දේශපාලන ඉතිහාසයේ බහුමානයට පාත‍්‍ර වන්නේ නව්‍ය දේශපාලන,ආර්ථික,සාමාජීය හා සංස්කෘතික පෙරළියක් කළ දේශපාලනඥයකු ලෙස පමණක් නොව එම දේශපාලන උරුමය නිවැරදිව ඉදිරියට ගෙන ගිය සුපිරිසිදු සදා සුජාත දේශපාලන පෙළපතක්ද නිර්මාණය කළ කීර්තිමත් දකුණු ආසියානු නායකයෙකු ලෙසය.

 ශ‍්‍රී.ල.නි.ප. ය සිය වසර හැත්තෑවක අභිමානවත් ගමන්මඟ සමරන මෙම සුවිශේෂී සංධිස්ථානයේදී පක්ෂයේ අතීත වර්ණවත් මෙන්ම දුර්වර්ණිත ප‍්‍රවණතාද ආවර්ජනය කිරීම පක්ෂයේ ඉදිරි ගමන්මඟ සාර්ථකව එළිපෙහෙළි කර ගැනීමට මහෝපකාරී වන බව මාගේ විශ්වාසයයි. නිදහස් ලංකාවේ ප‍්‍රධාන දේශපාලන දහරාව තුළ එක්සත් ජාතික පක්ෂයටද හිමිවනුයේ දීර්ඝ ඉතිහාසයකි. 1936 දී තමන්ගේ නායකත්වයෙන් බිහිවූ සිංහල මහ සභාව ” නියෝජනය කරමින්,1947 දී තමන්ගේ ද දායකත්වයෙන් නිර්මාණය වූ රජය තුළ ඇතිවූ දේශපාලන විසංවාදය බණ්ඩාරනායක මහතා විකල්පීය දේශපාලන ගමන් මඟකට යොමු කළේය.

 බණ්ඩාරනායකයාණන් සිය නව දේශපාලන ගමනේ ආරම්භය සනිටුහන් කරනුයේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකුව සිටිමින්ම, ආණ්ඩු පක්ෂයට සමුදී විපක්ෂයේ අසුන් ගැනීමෙනි. අනතුරුව 1951 සැප්තැම්බර් 02 වැනිදා ශ‍්‍රී.ල.නි.ප. ය පිහිටුවා ගන්නා එතුමා, 1952 පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදී ආසන 09ක් දිනා ගෙන විපක්ෂ නායක ධුරයටද පත්වුණි.

 1956 පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයට ශ‍්‍රී.ල.නි.ප.ය මෙහෙයවූ ආකාරය , බණ්ඩාරනායක මහතා සතුවූ කෘතහස්ත හා ප‍්‍රායෝගික දේශපාලන පරිණතභාවය මැනවින් පිළිබිඹු කරන්නකි.

 සිංහල භාෂා පෙරමුණ හා විප්ලවකාරී සමසමාජ පක්ෂය සමග එතුමා මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ගත් අතර එවකට පැවති ප‍්‍රධානතම වාමාංශික දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය සමග නිතරග දේශපාලන ගිවිසුමකට එළඹියේය.

 මෙම මැතිවරණයේදී සුවිශේෂී ජයග‍්‍රහණයක් අත්පත් කර ගනිමින්, අප මාතෘ භූමිය තුළ දේශපාලන පෙරළි රැුසක් සිදු කරමින්, නව පොදු ජන යුගයක් උදා කරලීමට එතුමා ගත් ප‍්‍රගතිශීලි පියවරයන් දේශීය මෙන්ම විදේශීය බලවේග වලටද මරු පහරක් විය. එතුමාගේ ජනතාවාදී දේශපාලන ප‍්‍රවේශයට විවිධ බාධක පමුණුවමින් එය ලත් තැනම ලොප් කිරීමට මාන බැලූ එකී බලවේග එය අසාර්ථකවූ තැන එතුමා භෞතිකව විනාශ කිරීම සඳහා පිඹුරුපත් සැකසීය.

 අවසානයේදී 1959 සැප්තැම්බර් 25 වෙනිදා එනම් ශ‍්‍රී.ල.නි.ප.ය පිහිටුවා හරියටම වසර අට (08* කුත් දින විසිතුන (23*ක් ගතවන දා චීවරධාරියකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් එකී දේශපාලන කුමන්ත‍්‍රණයේ කූට ප‍්‍රාප්තිය සනිටුහන් කළේය. බණ්ඩාරනායකයාණන් රටම පමණක් නොව ලොවම කම්පනයට පත් කරමින් ජීවිතයෙන් සමුගත්තේය. එතුමාගේ අභාවයෙන් පසුව ආරම්භවූ අර්බුදකාරී තත්වය, ගෙවී ගිය දශක ගණනක් තුළ වරින්වර විවිධ මුහුණුවර ගනිමින් පක්ෂයේ ඉදිරි ගමන් මගට විවිධ බාධා පැමිණවිනි. බණ්ඩාරනායක මැතිතුමන්ගේ අභාවයෙන් පසු භාරකාර රජයේ අග‍්‍රාමාත්‍ය ධුරය විජයානන්ද දහනායක මහතාට හිමිවුවද ඔහුට පක්ෂය එක්සත්ව තබා ගැනීමට නොහැකිවූවා පමණක් නොව ඔහු පක්ෂයට සමු දුන්නේ ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවා ගනිමිනි. එම බෙදීමත් සමගම සී.පී.ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වූ අතර වරක් විප්ලවකාරී සම සමාජ පක්ෂයට නායකත්වය දුන් පිලිප් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණ නමින් නව දේශපාලන ගමනක් ආරම්භ කළේය.

 නායකයාගේ අභාවයෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු බෙදීම සනිටුහන් කරන්නේ එස්.ඞී.බණ්ඩාරනායක මහතාය. ඔහු බෝසත් බණ්ඩාරනායක පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කර 1960 මාර්තු මැතිවරණයට ඉදිරිපත්වී ගම්පහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා බවට පත්විය. නායකයාගේ අභාවය නිසා ඇතිවූ ජන අනුකම්පාව ශ‍්‍රී.ල.නි.ප.යට හිමි වුවද 1960 මාර්තු මැතිවරණයේදී පැහැදිලි ජයක් ලබා ගැනීමට නොහැකිවූ අතර,එ.ජා.ප. රජයක් බලයට පත්විය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි නොවීම මත 1960 ජූලි මාසයේදී නැවත මැතිවරණයකට මුහුණදීමට සිදුවිය. එහිදී සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් එම මැතිවරණයට මුහුණදුන් ශ‍්‍රී.ල.නි.ප.ය පැහැදිලි ජන වරමක් ලබා ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය බිහිකිරීමටද සමත් විය. එතුමිය ස්වකීය ධුර කාලය තුළ විශිෂ්ට ප‍්‍රගතිශීලී පරිවර්තන රැුසක් සිදු කළාය. චන්ද්‍රිකා මැතිනිය යළි ශ‍්‍රී.ල.නි.ප.යට එක්වීමත්, ප‍්‍රගතිශීලි පක්ෂ වල එකමුතුවෙන් බිහිවූ පොදු ජන එක්සත් පෙරමුණත් නිසා 1993 දකුණු පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලය පක්ෂයට නව ජීවයක් එක් කළේය. 1994 මහ මැතිවරණ ප‍්‍රතිඵලයත්, 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති ධුරයට පත්වීමත් තුළින් ඉදිරියට ගමන්කළ දේශපාලන ප‍්‍රවණතාවය 2001 මැතිවරණයේදී එ.ජා.ප. ජයග‍්‍රහණයත් සමඟ අතරමඟ නතරවිය.

 පරාජයේ පන්නරය තුළින් අත්දැකීම් ලබන ශ‍්‍රී.ල.නි.ප.ය 2004 දී පොදු ජන එක්සත් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ එක්වී බිහිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 පැවති මහ මැතිවරණයෙන් ජය ගෙන මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්විය. පසුව 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධුරයට පත්විය.

 වසර 30ක් පැවති කුරිරු යුද්ධයෙන්, කොටි ත‍්‍රස්තවාදීන් පරාජයට පත් කරමින් දේශයට යළි නිදහස ලබා දෙන්නේ ද ශ‍්‍රී.ල.නි.ප.ප‍්‍රමුඛ රජයකිනි. එය අප පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය දේශයට ලබා දුන් ඓතිහාසික ජයග‍්‍රහණයකි.

 දෛවයේ සරදමක් ලෙස 2015 ජනාධිපතිවරණ තරඟයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ ශ‍්‍රී.ල.නි.ප.යේ සභාපතිවරයා හා ලේකම්වරයා වීම ලාංකික දේශපාලන ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී සිද්ධියකි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඡුන්ද හැටදෙලක්ෂයක් ලබා ගනිමින් ජනාධිපති ධුරයට පත්වූ අතර ඒ සමඟම ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් සන්ධාන රජයක් බිහිවිය. 2015 දී නිර්පාක්ෂිකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන මෛත‍්‍රිපාල සිරිසේනයන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා විධායක සභාවේ ඉල්ලීම පිට මහින්ද රාජපක්ෂයන්ගේද ආශිර්වාදයෙන් ශ‍්‍රී.ල.නි.ප.යේ සභාපති ධුරය භාර ගත්තේය. බෙදීම් රැුසකින් පිරුණු ඉතිහාසයක් සහිත දේශපාලන පක්ෂයක් වූ ශ‍්‍රී.ල.නි.ප.ය අඛණ්ඩව සක‍්‍රිය දේශපාලන ව්‍යාපාරයක් ලෙස අදත් කරළියේ වැජඹීමට සමත්ව ඇත. අතීතයේ උගත් පාඩම් ගුරු කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර නව දේශපාලන ප‍්‍රවණතා හඳුනා ගනිමින් ඉතා පරිස්සම් සහගත එහෙත් තිරසාර නව දේශපාලන මඟකට පක්ෂය ගෙනයාමට ශ‍්‍රී.ල.නි.ප.යේ වත්මන් නායකත්වයට අවැසි දේශපාලන පරිචය මෙන්ම දැනුමද ඇත.

 පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ‍්‍රීමතුන්ගේ ප‍්‍රතිපත්ති හා දැක්ම පාදක කර ගනිමින් වත්මන් යුගයට ගැළපෙන ආර්ථික, සමාජීය හා සංස්කෘතිකමය දේශපාලන ප‍්‍රවේශයකට අප පක්ෂය මේ වන විටත් යොමුවී සිටී. වත්මන් දේශපාලනය, මානව වටිනාකම් හා සාරධර්ම වලින් හිස්වී, මුදල් හා බලය මත රඳා පවතී. එවැනි ¥ෂිත දේශපාලනයෙන් ඔද්දල්වූ සමාජයක සුපිළිපන් දේශපාලන මාවතක් එළිපෙහෙළි කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ.

 1951 වසරේ සැප්තැම්බර් 02 වනදා ශ‍්‍රී.ල.නි.ප.ය බිහිවී හෝරා කිහිපයක් ගතවී යාමත් සමඟම ඓතිහාසික පුලතිසි පුරවරයේ ගොවි ගෙදරකින් බිහිවූ මෛත‍්‍රීපාල සිරිසේනයන් අද එම දුෂ්කර කාර්යයට සාර්ථකව උරදී සිටියි.එම දුෂ්කර කාර්ය ඉටුකරලීම වත්මන් යුගයේ ප‍්‍රභලතම අවශ්‍යතාවය මෙන්ම ජාතියේද සුවිශේෂී කාර්යභාරය ලෙස මම දකිමි. ඒ වෙනුවෙන් හෘදයාංගම සුබ පතමි.

 ෂාන් විජයලාල් ද සිල්වා
 ශ‍්‍රී.ල.නි.ප උප සභාපති/ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment