තිලංක ලෝකඩ පදක්කමක් දිනයි

102

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සමගාමීව උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් අගනුවරදී දැන් ක‍්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ තෙවන දිනය වූ පෙරේදා (09) තිලංක විරාජ් පළගසිංහ කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 116 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 145 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 261 ක් උසුලමින් මෙවර ලෝකඩ පදක්කම දිනා ගැනීම කැපී පෙනුණි.

එම සමස්ත බර එකතුව ලෝක ශුරතා තරගාවලියේ පදක්කමක් දිනා ගැනීමට තරම් ප‍්‍රමාණවත් නොවිණි.

මෙවර ලෝක ශූරතා තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය එකම තරගාවලියක් ලෙස පවත්වා වෙන් වෙන්ව ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් නම් කිරීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබේ.

එහි පදක්කම් සොයා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 19 දෙනෙකු මෙවර තරග වදිති.

තිලංක විරාජ් පළගසිංහට අමතරව මේ වන විට කාන්තා කි.ග‍්‍රෑ. 45 රන් පදක්කම හිමිකර ගැනීමට ශ‍්‍රීමාලී සමරකෝන් සමත්ව සිටින්නීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment