තිස්ස වැවේ පුරාවිද්‍යාත්මක උරුමය

937

දක්ෂිණ ලංකාවේ තිස්සමහාරාමයේ පිහිටි තිස්ස වැව පිළිබදව මේ දිනවල බොහෝ සෙයින් කතාවට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබේ. ඊට හේතුව වූයේ විදෙස් කණ්ඩායමක් විසින් මෙම වැව ආශ‍්‍රිතව රොන්මඩ ඉවත් කිරීම සම්බන්ධ දියත් කරන ලද ව්‍යාපෘතියකි. මෙම වැවෙහි ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කම හදුනාගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම උත්තරීතර බලය භාවිතකර එම කාර්යය තහනමට ලක්කරන ලදී.

තිස්ස වැවේ පුරාවිද්‍යාත්මක උරුමය
තිස්ස වැව හා ඒ අවට දැක්වෙන සිතියම – හෙන්රි පාකර්

ඊට ටික දිනකට පසුව නැවත වැව පිහිටි භූමියේ ස්ථානීය පරීක්ෂණයකින් පසුව එම කාර්යය අධීක්ෂණය සදහා එම ස්ථානයේ නිළධාරියෙකු පත්කොට එම කාර්යය සිදුකරගෙන යාම සදහා අසර ලබාදෙන ලදී.

 විදේශීය සමාගමක මූලිකත්වයෙන් නවීන යන්ත‍්‍ර භාවිතයෙන් සිදුවන මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් නැවතත් විවිධ කථාබහ කරලියට පැමිනෙමින් තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ එසේ කථාබහට ලක්වන තිස්ස වැව සම්බන්ධව ඇති විස්මිත පුරාවිද්‍යා උරුමය සම්බන්ධ කරුණු සකච්ඡුා කිරීමටය.

තිස්ස වැවේ පුරාවිද්‍යාත්මක උරුමය
නැගෙනහිර වැව් ඉවුර ආශි‍්‍රතව විසිරී පවතින මැටි බදුන් කැබලි

භද්දකච්චායනා කුමරියගේ සහෝදර රෝහණ ශාඛ්‍යයාගේ ජනාවාසය මෙම ප‍්‍රදේශයේ පිහිට වූ බැවින් ඔහුගේ නමින් මෙම ප‍්‍රදේශය රෝහණය වූ බව මූලාශ‍්‍රයන්ගේ සදහන්වේ. එතැන් පටන් පිහිට වූ ජනාවාසය උපරාජධානියක් දක්වා වර්ධනය වන්නේ දේවානම්පියතිස්ස රජු දවස කුමන්ත‍්‍රණයක ප‍්‍රථිඵලයක් ලෙස රෝහණයට පලා එන මහානාඝ කුමරුගේ් සම්ප‍්‍රාප්තියත් සමගය. ඒ වන විටත් රුහුණේ පැවති ප‍්‍රාදේශීය පාලනය පිළිබදව ශිලාලේඛන මගින් තොරතුරු මේ වන විට හදුනාගෙන ඇත.

තිස්ස වැවේ පුරාවිද්‍යාත්මක උරුමය

මේ වන විට හදුනාගෙන ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්ට අනුව අනුරාධපුරයට දෙවනිව ගොඩනැංවූ රාජධානිය වූයේ රෝහණ උප රාජධානියයි. පසුකාලීනව රුහුණු පිහිටි මායා යනුවෙන් කොටස් තුනකට ලංකාව බෙදී ගියද ක‍්‍රිස්තු වර්ෂ හයවන සියවස දක්වා පැවතියේ අනුරාධපුරය හා රෝහණය නමින් ප‍්‍රධාන පරිපාලන ඒකකයන් දෙකකි (මහාචාර්ය සිරිමල් රනවැල්ලයන්ට අනුව). ඒ අනුව අනුරාධපුරයේ අනුප‍්‍රාප්තිකයා ලෙස පත්වූයේ රෝහණයේ පාලකයාය. එමගින් රුහුණේ පාලකයා අනුරාධපුර ප‍්‍රධාන රාජ්‍ය පාලකයාගේ ලගම ඥාතියෙකු හෝ හිතවතකු විය. එනිසාම අනුරාධපුරයට නොදෙවෙනි වූ සංස්කෘතිකාංග රාශියක් රුහුණේ ද ඇති විය. කෙසේද යත් මහාවිහාරය මූලික කරගෙන අනුරාධපුර සංස්කෘතිය පෝෂණය වූයේ කෙසේද එසේම රුහුණේ තිස්සමහාරය මුල්කගෙන එම සංස්කෘතිය පෝෂණය විය. මේ අනුව පැහැදිලිවන්නේ අනුරාධපුරයට සමගාමී සංස්කෘතිකාංග රාශියක් රුහුණේද ව්‍යාප්තවී ගිය ආකාරයයි. කඩයිම් පොත් විමර්ශනයන්ට අනුව රුහුණට රටවල් 42 ක්ද පිහිටි රටට රටවල් 44 ක්ද මායා රටට රටවල් 28 ක්ද අයත්ව තිබූ බව දැක්වෙයි.

 මීලගට අපගේ අවධානය යොමුකල යුත්තේ රුහුණේ මාගමට හෙවත් වර්තමාන තිස්සමහාරාමය වෙතටයි. තිස්සමහාරාමය ආශ‍්‍රිතව පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තවී ගිය ආකාරය පිළිබදව තොරතුරු මේවන විට තහවුරු වී අවසානය. පූර්ව ඓතිහාසික යුගයට අයත් කාල රක්ත වර්ණ මැටි බදුන් ලැබෙන ස්ථාන අතර තිස්සමහාරාමයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. තිස්ස වැව අවට පිහිටි ස්ථාන රාශියකින්ම එම මැටි බදුන් වර්ග හමුවන බව මේ වන විට තහවුරු වී ඇත. එම ස්ථාන අතර මහ අකුරුගොඩ අකුරුගොඩ දෙබරවැව යටාලවෙහෙර සදගිරිය කාසිංගම වැදගත්වෙයි.

 එම පූර්ව ඓතිහාසික අවධිය වන විට නූතන තිස්ස වැව මෙම ස්ථානයේ ඉදිවී නොමැත. ඒ වෙනුවට මේ කාලපරිච්ජේදය තුලදී මෙම ස්ථානයේ පැතියේ පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාසයන්ය. යම් ලෙසකින් වැවක් ඉදිවී තිබුනානම් එය ඉදිවන්නට ඇත්තේ ගම්වැවක් වශයෙන් කුඩා ප‍්‍රමාණයෙනි. එම ගම හා වැව පාලනය වන්නට ඇත්තේ ගමික වරයෙකු යටතේය. පසුකාලීනව සංවර්ධනය වී ගිය වැව් එල්ලංගා පද්ධතියක ප‍්‍රධානියෙකු වූ පරුමක වරයකු යටතේ මෙම ගම් පාලනය වන්නට ඇත. එය මෙම අවධිය තුල පැවති සමාජ ස්වරූපයයි. මෙම සමාජ සංවිධානය තහවුරු කෙරෙන පුරාවිද්‍යාත්මක අවශේෂ මෙම ප‍්‍රදේශ ආශ‍්‍රිතව හමුවී ඇත.

 පසුව එලබෙන ඓතිහාසික යුගයේදී මහානාග රජපෙලපත විසින් අගනගරයේ අලංකරනය පිණිස ක‍්‍රමනුකූල වැවක් ගොඩනංවන්නට ඇත. මෙම පෙලපතේ බලවත් රජුන් ලෙස සැලකෙන කාවන්තිස්ස හා දුටු ගැමුණු රජ දවස සදගිරිය යටාලය නාගමහා විහාරය මැණික් වෙහෙර ආදී විහාරස්ථාන මෙන්ම මෙම වැවද විරාජමානව බැබලෙන්නට ඇත.

 ක‍්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ දී ඉලනාග රජු විසින් තිස්ස හා ¥රතිස්ස වැව් ඉදිකල පුවතක් මහාවංසයෙහි සදහන් වෙයි. මෙහි සදහන් තිස්ස වැව නූතන තිස්ස වැව ලෙසද ¥රතිස්ස වැව යෝධ කණ්ඩිය වැව ලෙසද හදුනාගෙන ඇත. ඉලනාග රජු විසින් මෙම වැව තව දුරටත් විශාල කොට තනවා තිස්ස වැව යනුවෙන් නම් කරන්නට ඇත. එම මහාවංස පුවතට අනුව තිස්ස වැව ඉදිකිරීමේ ගෞරව ඉලනාග රජුට හිමි කලද ඔහු විසින් කරන්නට ඇත්තේ මෙතෙක් පැවති නාගරික වැව විශාල කොට තැනවීමකි. ඒ අනුව මුලින් පැවති පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස මෙම වැවට යටවී ගිය බව පෙන්වා දිය හැකිය.

 රුහුනේ දේශපාලනය සම්බන්ධයෙන් ඉලනාග රජු වැදගත් වන අතර අනුරාධපුර අගනගරය ජයග‍්‍රහණය කිරීමට පෙර ඔහු විසින් විදේශීය ආධාර මත රුහුණේ බලය එක්සේසත් කොට රුහුණේ වැසියන්ගේද ආධාර උපකාර ලබාගෙන තිබේ. ඒ අනුව පළමුව රුහුණේ තම බලය ස්ථාවර කරගෙන ජනතා විශ්වාසය ගොඩනගා ගැනීම සදහා මෙම වැව් ඉදිකරන්නට ඇත. මෙම පුවත තහවුරු කෙරෙන පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයක් හමුවී තිබේ. තිස්ස වැව අසල අකුරුගොඩැල්ලේ පිහිටි ටැම් ලිපිය ඊට කදිම උදාහරණයකි. මෙම ටැම්ලිපිය මගින් උපරාජ නාග මිත්‍යාදෘෂ්ටිය අතහැර බුදු දහම වැලදගත් බව ප‍්‍රකාශ කෙරෙයි. (මෙහි සදහන් උපරාජ නාග ඉලනාග රජු ලෙස පුරාවිද්‍යාඥයින් විසින් හදුනාගෙන ඇත). මෙම ලිපියේම පිටපතක් කිරින්දේ පර්වතයකද කොටවා තිබේ. තමා බුදු දහම වැලදගත් බව සියළු දෙනාටම පැහැදිළිව පෙනෙන පරිදි යෝධ ස්තම්භයක කොටවා රාජකීය නගරය මධ්‍යයේ සිටුවා ඇත.

 මෙම කරුණු මගින් පැහැදිලි වන්නේ ක‍්‍රමානුකූලව තිස්ස වැව ආරම්භවී විකාශනය වූ ආකාරයයි. මීට පසු අවස්ථා ගණනාවකදී තිස්ස වැව ප‍්‍රතිසංස්කණය වූ බවට තොරතුරු මූලාශ‍්‍රය වල දක්නට ලැබෙයි. පොළොන්නරු යුගයේ අවසානයත් සමග මෙම ප‍්‍රදේශ වල් බිහිවී ඝන වනාන්තර බවට පත්විය. නැවත මෙම ප‍්‍රදේශ පිළිබද අවධානය යොමුවන්නේ යටත් විජිත පාලන සමයේදීය. ඒ අනුව තිස්ස වැව අපට වැදගත් වන්නේ 19 වන සියවසේ අගභාගයේ හා 20 වන සියවසේ

 මුල්භාගයේ සිදුවන බි‍්‍රතාන්‍ය යටත් විජිත ප‍්‍රතිසංස්කරණන් සමගය. එවකට ලංකාවේ සිදුවන නටඹුන් වැව් පිළිබද තොරතුරු රැුස්කිරීමේ හා යෝජනාවලි සකස් කිරීමේදී තිස්සවැව පිළිබද තොරතුරු ඒකරාශි කරන ලදී. එහි වගකීම පැවරෙන්නේ වාරි ක්ෂේත‍්‍රයට පමණක් තම විෂය කටයුතු සීමා නොකල හෙන්රි පාකර් මහතා වෙතටය. ඔහුගේ කාර්යය වූයේ නටඹුන් වූ තිස්ස වැව ප‍්‍රතිසංස්කරණය කරනවාට අමතරව වැව හා එම භූමි ප‍්‍රදේශය සම්බන්ධ වටිනා තොරතුරු ප‍්‍රමාණයක් ඒකරාශී කිරීමයි.

 මෙම ඉහත දැක්වූ කරුණු වලින් පැහැදිලි වන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී ගම් වැවක්් ලෙසට ආරම්භ වී පසුකාලීනව එය නාගරික අලංකරන වැවක් බවට බත්ව මේ වනවිට කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත වන වාරිකර්මාන්තයක් වශයෙනි. එමෙන්ම එක් අවධියකට සීමා නොවු බහු කාලපරිච්ෙඡ්දයක නියෝජනයක් වන තිස්ස වැව පිළිබදව අප වඩාත් සංවේදී විය යුත්තේ එබැවිණි. මීලගට අපගේ අවධානය යොමු වන්නේ එක් අවධියක ගම් වැවක් තවත් අවධියක නාගරික වැවක් වර්තමානය වන විට කෘෂිකාර්මික වැවක් ලෙස ද බහුකාර්යය උපයෝගීතාවයක් පෙන්නුම් කළ තිස්ස වැවෙහි පුරා උරුමය පිළිබද විමසා බැලීමටය.

 තිස්ස වැවට යබදව පිහිටි උස්භූමි භාගයේ මේ වන විට

 (අකුරුගොඩැල්ලේ) සුවිශ්ෂී කැණීම් කිහිපයක් සිදුකෙරී ඇත. එපමණක් නොව මෙම ප‍්‍රදේශය ආශි‍්‍රතව විධිමත් ගවේෂණ කිහිපයක්ද කෙරී ඇත. එමගින් හදුගෙන ඇත්තේ වැවට මායිම් වූ මෙම භූමි භාගය මාගම අගනගරයේ පිහිටි රාජකීය ඇතුළු නුවර හා පිටත නුවර වශයෙනි (මහාචාර්ය රාජ් සෝමදේවයන්ට අනුව). එසේනම් තිස්ස වැව පිහිටා ඇත්තේ අගනගරයේ බටහිර සීමාව තුලය. තව දුරටත් පහැදිළි කලහොත් අගනගරයේ බටහිර සීමාවේ උතුරු ප‍්‍රදේශයේ තිස්ස වැව පිහිටා ඇත. ජර්මන් ශ‍්‍රී ලංකා සහයෝගීතා ව්‍යාපෘතිය මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානත්වයෙන් අකුරුගොඩ හා සර්වෝදය වත්ත භූමියේ පර්යේෂණ කැණීම් දෙකක් සිදු කරන ලදී. පූර්ව ඓතිහාසික යුගයේ පටන් ක‍්‍රමිකව සංවර්ධනය වූ නාගරික ජනාවාසයන් පිළිබද තොරතුර එමගින් තහවුරු වී ඇත. එම විද්‍යාත්මක දින නීර්නයන්ට අනුව මුල්ම ජනවාස අයත් වන්නේ පූර්ව ඓතිහාසික යුගයටය. මීටර පහක් පමණ ගැඹුරට කරන ලද එම කැණීම් මගින් එම සාධක තහවුරු කරගෙන තිබේ. එම කැණීම් කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වූයේ කැණීම් භූමියට ජලය කාන්දුවීම නිසාය. එහිදී වැව ආසන්නයේම පිහිටි ප‍්‍රාකාරයක සාධක අනාවරනය කරගෙන ඇත. එය ඓතිහාසික යුගයේදී ඉදිකරන ලද්දක් බව පෙනීයයි. මෙයට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අකුරුගොඩ සිදුකරන ලද පර්යේෂණ කැණීම මගින්ද ඉහත සාධක වලට සමගාමී තොරතුරු රාශියක් අනාවරනය කරගෙන තිබේ. ග‍්‍රාමීය සංස්කෘතියක සිට නාගරික සංස්කෘතියක් දක්වා ක‍්‍රමානුකූලව සංවර්ධනය වීගිය තොරතුරු හැදෑරීමේ දී මෙම අකුරුගොඩ පස් තැම්පතුව පුරාවිද්‍යාඥයින්ට ක්ෂේම භූමියක් බ`දුය. ඉහත කරුනු මගින් පැහැදිලි වන්නේ තිස්ස වැව පුරාණ නාගරික සීමාව තුල පිහිටි වාරිකර්මාන්තයක් ලෙසටය.

 හෙන්රි පාකර් මහතා විසින් තිස්ස වැව සම්බන්ධ නැගෙනහිර ප‍්‍රදේශයේ සොරොව්වක් ඉදිකිරීමේ දී හමුවූ පුරාවස්තු පිළිබදව දීර්ඝ සාකච්ඡුාවක නිරත වෙයි. මුලින්ම ඒ සදහා ඔහු වැඩි අවධානයක් යොමු නොකලද ඒ වායේ ව්‍යාප්තියේ විශාලත්වය හා හමුවීමේ ඝනත්වය මත පසුව ඒ කෙරෙහි අවධානය යොමුකොට පුරාවස්තු පිළිබද වාර්තා කොට තිබේ.

 මෙම සාධක පිළිබද හැදින්වීමේදී පැහැදිලි වන්නේ ඒවා පූර්ව ඓතිහාසික යුගය හෝ යටත් පිරිසෙන් ඓතිහාසික යුගය නියෝජනය කරන බවය. තිස්ස වැව තව දුරටත් ව්‍යාප්තවී ගියේ මෙම පැරණි ජනසමාජයේ සංස්කෘතිකාංග මතය. නූතනයේ අප තිස්ස වැව සම්බන්ධයෙන් වඩාත් සංවේදී විය යුත්තේ එනිසාය.

 තිස්ස වැවේ ජලය අඩුවේලාවක මෙහි වැව් ජලයෙන් සේදීගිිය

 නැගෙනහිර උස් ප‍්‍රදේශය ආශ‍්‍රිතව (වාරිමාර්ග ඉංජිනේරු නිළ නිවස, තානායම, සර්වෝදය වත්ත, උසාවි භූමිය සිට උතුරට) ඔබ ඇවිද ගියහොත් සැලකියයුතු පුරාවස්තු ප‍්‍රමාණයක් එකතු කරගත හැකිය. පබළු ඒ අතරින් ප‍්‍රධානවෙයි. කාසි ලෝහ කොටස් මැටි කව යනාදියද දක්නට ඇත. මෙහි ඇති වැදගත්ම කරුන වන්නේ මෙම සේදී යන පසෙහි අප‍්‍රමානව ගොඩගැසී ඇත්තේ මැටි බ`දුන් කැබලිති වීමය. සාමාන්‍ය අයෙකුම මෙහි වදගත්කමක් නොමැති වුවද පුරාවිද්‍යාඥයකුට එය අමිල සම්පතක් වන්නේ පැරණි ජනසමාජය පිළිබදව පෘථුල අවබෝධයක් ඉන් ලබාගත හැකි බැවිණි. එම බ`දුන් කැබලි අතර කාල රක්ත වර්ණ මැටි බ`දුන් සුලභව දක්නට ඇත. මෙම වර්ගයේ මැටි බ`දුන් කැබලි වල විටෙක අක්ෂර සටහන්ද නොයෙක් කුරුටුගෑ සටහන්ද දක්නට ඇත. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවසයන් හදුනා ගැනීමේදී මෙම කාල රක්ත වර්ණ මැටි බ`දුන් ඉතාමත් වැදගත් වෙයි. මෙම වැව් ඉවුර ආශ‍්‍රිත කාල රක්ත වර්ණ මැටි බ`දුන් වල ව්‍යාප්තිය පුදුම සහගත සුළුය. එහි සුලභවීම නිසාම අවධානය ද අඩුවී ගියා වැන්න. මෙහි හමුවන පබළු අතර මැටි හා වීදුරු පබළු හැරුණු විට විදේශීය පාෂාණ වලින් නිර්මිත පබළුද දක්නට ලැබෙයි. කානීලියන් හා ඇගේට් පබළු එම විදේශීය පබළු වර්ගයන් ය. තිස්ස අකුරුගොඩ අවට පුද්ගලයින් මෙම තීරයේ පබළු සෙවීමේ නිරතව සිටිනු දක්නට ලැබීම සුලභ දර්ශනයකි. ඔවුහු එම පබළු එකතුකොට මාල සකස්කර දේශීය විදේශිකයන්ට අළෙවි කිරීම දුලභව දක්නට ලැබෙන දසුනක්ය. මේ හැරුණු විට වැවෙහි තැනින් තැන

 අක‍්‍රමවත් සේ විසිරී පවත්නා ගල්කණ,ු ගල් පාදම්, ගඩොල්, උළු කැබලි යනාදිය දක්නට ලැබෙයි.

 වැව අභ්‍යන්තරයේ පිහිටි ¥පත තුල ඉදිකරනලද පැරණි ගොඩනැගිල්ලක ගල්කණු ආරක්ෂිතව පවතී. එම ගොඩනැගිල්ල සදහා භාවිත උළු හා ගඩොල් අවශේෂයන් ¥පත තුල විසිරී පවතිණු අදටද විද්‍යමානය. වැවට උතුරින් පිහිටි ප‍්‍රදේශයේ ඇති ටිකිරියාගොඩාන නම් ස්ථානයේ පැරණි පොකුණු කිහිපයක් හදුනාගත හැකිය. එම පොකුණු ආශ‍්‍රිතව ඉදිවුණු ගොඩනැගිලි රාශියක නටඹුන් පවතී. මේ පුරා ස්මාරකයන් පිළිබදව අද වන විටත් නිවැරදිව තොරතුරු වාර්තා නොවී ඇත්තේ මේ ආශ‍්‍රිතව සීග‍්‍රයෙන් සිදුවෙමින් පවත්නා ජනාවාසකරණය හේතුවෙනි. මේවා මාගම අගනගරයට අයත් සාධක ලෙසට පුරාවිද්‍යාඥයින් හදුනාගෙන ඇත.

 ඉහතින් සදහන් කල පුරාවිද්‍යාත්මක සාධක වලට අමතරව පුරාණ රෝහණ රාජධානියේ අගනගරය වූ මාගම අවට ඓතිහාසික යුගයට පෙර අවධියේ ජනාවාස ව්‍යාප්තව පැවති බවට සාහිත්‍යමය මූලාශ‍්‍රයන් මගින්ද හදුනා ගත හැකිය.

 විජයාවතරණයට පෙර සිදු වූ බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබද තොරතුරු වලට අනුව රුහුණේ ජනාවාසකරණය පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. බුදු රජාණන් වහන්සේගේ පාදශ්පර්ෂයෙන් පූජනීය වූ ස්ථාන දහසයෙන් නවයක්ම අයත් වන්නේ රෝහණයටය. එයින් අපගේ මාතෘකාවට භාජනය වන තිස්සමහාරාමය හා ඒ අවට පිහිටි කතරගම සදහන්වීම අතිශයින්ම වැදගත්ය. ඒ වන විටත් මෙම ප‍්‍රදේශ ආශ‍්‍රිතව සැලකියයුතු ජනාවාසකරණයක් පැවති බව මෙයින් පැහැදිලි වෙයි.

 එසේම දිව්‍යාවදානයෙහි සදහන්වන පූර්ණාවදාන කථා පුවතට අනුව රත්නදීපයට වෙළෙදාමේ ආ පිරිසක් පිළිබදව සදහන්වෙයි. ඉතිහාසඥයින්ගේ මතය වන්නේ ඔවුන් වෙළෙදාම පිණිස පැමිණි ප‍්‍රදේශය ලංකාවේ කතරගම ප‍්‍රදේශය බවයි. මෙය බුදුරජානන් වහන්සේට සමකාලීනව සිදු වූ පුවතකි.

 දේවානම් පියතිස්ස රජු දවස සිදු වූ අෂ්ටඵල බෝධි රෝපන උත්සවයේදී එයින් බෝධි අංකුර දෙකක් ස`දගිරියට හා කතරගමට ලැබී ඇත. සදගිරිය තිස්ස ආසන්නයේ ද කතරගම තරමක් දුරින් ද පිහිටා ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙම ප‍්‍රදේශ ආශ‍්‍රිතව සිටි ප‍්‍රාදේශීය පාලකයින් හා රජරට පාලකයින් අතර පැවති සබ`දතාවයයි.

 මෙම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ජනාවාස ව්‍යාප්තවී ගිය බවට තවත් බොහෝ තෙරතුරු ඓතිහාසික මූලාශ‍්‍රයන් වල සදහන්වෙයි. ඉහතින් දැක්වූ සාහිත්‍ය මූලාශ‍්‍රය මගින්ද පැහැදිලි වන්නේ මෙහි පැවති ජනාවාසකරණයයි.

 පූර්ව ඓතිහාසික යුගයේ පටන් අප විසින් ගොඩනංවන ලද තිස්සමහාරාමය අවට ක‍්‍රමානුකූලව සංවර්ධනයවී ගිය ජනාවාසකරණය පිළිබද තොරතුරු කල්පිතයක් නොවී යථාර්තයක් වන්නේ මෙම පුරාවිද්‍යාක්මක හා ඓතිහාසිකමය මූලාශ‍්‍රය මගින්ද මනාව තහවුරු වන බැවිණි.

 මෙම කරුණු මගින් අපට පැහැදිලි වන්නේ තිස්සමහාරාමය වැව තවත් එක් සාමාන්‍ය වැවක් නොව අවධි ගනණාවකට සම්බන්ධ වූ රාජකීය අගනගරයකට සීමා වූ පුුරාවිද්‍යාත්මක උරුමයක් බවයි. මානව මැදිහත්වීමක් මත මෙහි සිදු කරනු ලබන සංවර්ධන කටයුතු වලදී අප වඩාත් සංවේදී විය යුත්තේ එබැවිණි.

 මීලග වැදගත්ම කරුන වන්නේ තිස්ස වැව ගැඹුරු කිරීමෙන් විශාල කිරීමට කටයුතු කලහොත් ඉන් පුුරාවිද්‍යාත්මක උරුමයන්ට ඇති කරන බලපෑමයි. මෙහි අනිසි බලපෑම මේ වන විටත් හදුනාගත හැකිය. යටාලය වෙහෙරේ පහතම මළුව ජලයට යටවී යාම එක් කරුනකි. දෙවැන්න වැවට පහලින් ආසන්නව පිහිටීම නිසා තිස්ස ස්තූපයේ ගර්භයට සිදු කෙරෙන බලපෑමයි. වැවේ ජල මට්ටම ඉහලයාම මත ස්තූපය අවට පිහිටි වෙල්යායේ ද ජල මට්ටම ඉහල යෑම මත මෙම බලපෑම වඩාත් තීව‍්‍ර වේ. මේ වන විටත් තිස්ස ස්තූප ගර්භය මෙන්ම කොතද පිපිරීමට ලක්ව සංරක්ෂණය කර තිබේ. එබැවින් තිස්ස වැව සම්බන්ධ සංවර්ධන කටයුතු වලදී බුද්ධිමත් තීරණ ගතයුතුය. එසේ නොවුනහොත් මෙහි අහිතකර බලපෑම කේෂ්ත‍්‍ර ගනනාවක් ඔස්සේ අපට භුක්තිවිදීමට සිදුවනු ඇත.

 (පසු සටහන)

 වර්ෂ 1914 මැයි 18 දින තිස්සමහරාම වැවේ කුරුලු දඩයමේ ගිය ලංකාවේ දෙවන පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසට පත්ව ආ එඞ්වඞ් රසල් අයර්ටන් මහතා අවාසනාවන්ත ලෙස මියගියේ ද මෙම වැවේ ගිලීයාමෙනි.

ප‍්‍රියන්ත පුෂ්පකුමාර
පුරාවිද්‍යා නිලධාරී (මධ්‍යම සංස්කෘතික අරමුදල, මහනුවර ව්‍යාපෘතිය
)

advertistmentadvertistment
advertistmentadvertistment