ති‍්‍රපිටකය පනතකින් සංරක්ෂණය කළ යුතු ද ?

113

වර්තමානයේදී ති‍්‍රපිටකයේ වචනවල ධර්මාර්ථ, ශබ්දාර්ථ නිවැරදිව වටහා නොගනිමින් හෝ සිතාමතා හෝ අශාස්තී‍්‍රය අයුරින් අරුත් නිරුත් සපයමින් කි‍්‍රයාත්මක වන පිරිස මර්දනය සඳහා වෙනත් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් පැවතිය යුතු බව අපගේ අදහසයි. එහෙයින් සීමිත අනුවණයන් අරඹයා අනන්ත අර්ථ ඇති, සිතීමට විමසීමට අපමණ නිදහස් සපයා ඇති ති‍්‍රපිටක ධර්මය සංරක්ෂණ විෂයෙහි නීති සම්පාදනය සිදු නොවිය යුත්තක් බව අපගේ අදහසයි.

 ති‍්‍රපිටක සුරැකීම සඳහා පනත් කෙටුම්පතක් ගෙනඒමට මේ දිනවල කතිකාවතක් පවතී. එලෙස පනත් කෙටුම්පතක් මගින් ති‍්‍රපිටකය සුරක්ෂා කිරීමට යොමුවීමේ පවත්නා අර්ථා’නර්ථය විමර්ශනය මෙම ලිපියේ මූලික අරමුණයි.

ති‍්‍රපිටකය  පනතකින්  සංරක්ෂණය  කළ යුතු ද ?

මෙහිදී ති‍්‍රපිටකය සහ ඊට අදාළ අර්ථ විවරණ සම්ප‍්‍රදාය, ඊනියා පනත් කෙටුම්පතක් මගින් සංරක්ෂණය කළ යුතු යැයි අදාළ පාර්ශ්ව පෙන්වා දෙනුයේ වර්තමානයේදී ඇතැම් ගිහි පැවිදි පිරිස් ති‍්‍රපිටකය සහ ඊට අදාළ අර්ථ විවරණ අවභාවිත කරමින් සිදු කරන දේශන සහ ප‍්‍රකාශන හේතුවෙනි.

 බුදුන් වහන්සේගේ මූලික දේශනා අනුව මෙය කෙතරම් යුක්ති යුක්තදැයි ප‍්‍රථමයෙන් විමසා බැලිය යුතු වේ. මූලික වශයෙන් බුදුන් වහන්සේ තමන්වහන්සේ වදාළ ධර්මය ස්වකීය නිර්මාණයක් වශයෙන් හෝ ඉදිරිපත් නොකළහ. උන්වහන්සේ වදාළේ එය තථාගතයන් වහන්සේ පහළ වුව ද, නැත ද ලෝකය තුළ පවත්නා ධර්මතාවක්, ධර්ම නියාමතාවක් බවයි. වරින්වර බුදුවරු පහළ වෙමින් යටපත් වන ඒ ධර්මතාව ලොවට ඉදිරිපත් කළා පමණක් නොව එහි පැවැත්ම පිණිස සංඝ ශාසනය ද ප‍්‍රතිෂ්ඨාපනය කළහ. බුදුන් වහන්සේ ගුරු තනතුරෙහිලා තබාගත්තේ ද, බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාස්තෘත්වයෙහිලා තබාගන්නා ලද්දේ ද යථොක්ත ධර්මය සහ එහි පැවැත්ම අපේක්ෂාවෙන් පනවා වදාළ විනයයි.

ති‍්‍රපිටකය  පනතකින්  සංරක්ෂණය  කළ යුතු ද ?


එසේ හෙයින් අපට පෙනෙන සැටියට එවැනි ලෝකෝත්තර පරම නිෂ්ඨාවක් අරමුණු කරගත් චරණයක් ඉගැන්වෙන ති‍්‍රපිටකයට ලෞකික සම්මුති සමාජයේ කි‍්‍රයාත්මක නීතියක රක්ෂාවරණය ලබාදීමට සිතීම කෙතරම් යෝග්‍ය ද යන්න අදාළ පාර්ශ්ව විසින් අවබෝධ කරගත යුතු ය.

 අනෙක් අතට එය දැනට කි‍්‍රයාත්මක පුරාවස්තු, වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂා කරගැනීම සඳහා පනවා ඇති ආකාරයේ තවත් එක් පනතක් වනවා පමණක් නොව, ඇතැම් විට එමගින් මෙතෙක් සසුන තුළ පෙර නොවූ විරූ ආකාරයේ ව්‍යාකූලතා ද මතුවිය හැකිය. එබ`දු ව්‍යාකූලතා ඇතිවුවහොත් සිදුවන්නේ අධර්මවාදීන්ගේ හා අවිනයවාදීන්ගේ බලය තව තවත් වැඩිවීමයි.

 වර්තමානයේදී අපට ඉතා විශ්වාසයෙන් පරිශීලනය කළ හැකි සිංහල සහ ඉංගී‍්‍රසි භාෂාවලින් මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යවල සංගෘහිත ති‍්‍රපිටක ග‍්‍රන්ථමාලා තිබේ. බුද්ධජයන්ති ග‍්‍රන්ථ මාලාව ඒ අතරින් රාජ්‍ය අනුග‍්‍රහය ද සහිතව මෙරට වැඩසිටි ව්‍යක්ත මහතෙරුන් වහන්සේලා අතින් සම්පාදනය වූවකි. ඊට සමගාමී රාජ්‍ය අනුග‍්‍රහයෙන් මුද්‍රාපිත සරල සිංහල පරිවර්තනය සහ සොයිසා පරිවර්තනය වැනි පිළිගත් සංක්ෂිප්ත පරිවර්තන ද පවතී.

 එසේ හෙයින් මෝඝ පුරුෂයන් කිහිපදෙනකු ද, ඔවුන් පසුපස ඇදෙන අනුකම්පා කටයුතු අනුගාමික පිරිස ද හැර පෙර අපර දෙදිග ලෝකයා ථෙරවාද ති‍්‍රපිටකය යනු කුමක් ද, එහි අර්ථ විවරණ සම්ප‍්‍රදාය කෙබ`දු ද යන්න හොඳින් දනියි. ඔව්හු බුදුසමය සම්බන්ධ අධ්‍යයන පර්යේෂණ සිදු කරනුයේ පිළිගත් සිංහල, පාලි, ඉංගී‍්‍රසි ති‍්‍රපිටක ග‍්‍රන්ථමාලා පදනම් කරගෙන වන අතර එහිදී පාලි භාෂාවට මූලිකස්ථානයක් හිමි වේ.

 වර්තමානයේදී ති‍්‍රපිටකයේ වචනවල ධර්මාර්ථ, ශබ්දාර්ථ නිවැරදිව වටහා නොගනිමින් හෝ සිතාමතා හෝ අශාස්තී‍්‍රය අයුරින් අරුත් නිරුත් සපයමින් කි‍්‍රයාත්මක වන පිරිස මර්දනය සඳහා වෙනත් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් පැවතිය යුතු බව අපගේ අදහසයි. එහෙයින් සීමිත අනුවණයන් අරඹයා අනන්ත අර්ථ ඇති, සිතීමට විමසීමට අපමණ නිදහස් සපයා ඇති ති‍්‍රපිටක ධර්මය සංරක්ෂණ විෂයෙහි නීති සම්පාදනය සිදු නොවිය යුත්තක් බව අපගේ අදහසයි.

 ධර්මය අනිසි ලෙස තේරුම් කිරීමෙන් ද, තේරුම් ගැනීමෙන් ද, මාර්ගය වරදවා ගනිමින් අපායගාමී වනුයේ ඔවුන් ය. පෙර පින් ඇති ප‍්‍රඥාවන්තයෝ ධර්මය කුමක්දැයි තේරුම් ගනිති. අලගද්ධූපම සූත‍්‍රයේ ධර්මය විෂඝෝර සර්පයෙකුට උපමා කොට තිබේ. සර්පයා පරිහරණය කරන ආකාරය පිළිබඳ ගවේෂකයාට දැනුම තිබිය යුතු ය. තවත් තැනක ධර්මය පහුරකට උපමා කොට තිබේ. පහුර පරිහරණය ගැන එතෙර වන්නාට අවබෝධය තිබිය යුතු ය.

 ඒ අනුව වර්තමාන මහාසංඝයා වහන්සේ ඇතුළු දැනුවත් ගිහි පැවිදි හැමදෙනා අයාලේ යන දේශකයන් ද, ඒ අනුව යන ශ‍්‍රාවකයන් ද නිසි මගට ගත යුතු ය. ඒ නීතී සම්පාදනයෙන් හෝ අධර්මවාදීන් දණ්ඩනයට ලක් කිරීමෙන් නොව වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ කි‍්‍රයාපිළිවෙත විහාරස්ථාන, දහම් පාසල් සහ විශේෂයෙන්ම දැනට අපේක්ෂිත අරමුණට ළ`ගා නොවන ආකාරයට පවත්නා පාරිවෙණික අධ්‍යාපනය තුළ යථාවත් කිරීමෙන් ය.

 ති‍්‍රපිටක සංරක්ෂණයට නීතියක් පැනවීමේදී වත්මන පාලන ක‍්‍රමය, නීතියේ ස්වභාවය, ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳවත් ගැඹුරින් සිතා බැලිය යුතු ය. වර්තමානයේ පවත්නේ රජකුගේ මූලිකත්වයෙන් සිදුවන පාලන ක‍්‍රමයක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් තුළ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස පුළුල් වපසරියක පවතී. එහෙයින් වෛතුල්‍යවාදය එදා මෙන් අද පුළුස්සා, වෛතුල්‍යවාදී භික්ෂූන්ට මෙන් වෙරලකුණු ඔබ්බවා රටින් නෙරපාලිය හැකි ද ? මෙහිදී මහාවිහාරය බුද්ධඝෝෂ තෙරුන්ට හෙළටුවා පෙළබසට පරිවර්තනය කිරීම සඳහා ලබාදීමේදී අනුගමනය කළ කි‍්‍රයාපිළිවෙත වඩාත් ශාස්තී‍්‍රය හා නූතන කි‍්‍රයාදාමය බව පෙනේ.

 බුදුන් වදාළ ධර්මය බෞද්ධ ඉතිහාසය තුළ නොයෙක් ආකාරයට විවරණය වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ථෙරවාද සහ මහායාන වශයෙන් ප‍්‍රධාන නිකායද්වයක් ද, පසුව අටළොස් නිකායකට ද නිකායාන්තර්ගතව තිබේ. ඒවාට විවිධ රජවරුන්ගේ අනුග‍්‍රහය ද ලැබී ඇති අතර විශ්වවිද්‍යාල මට්ටමේ ආයතන, මාහැ`ගි ග‍්‍රන්ථ සහ බෞද්ධ ප`ඩිවරු ද බිහිව තිබේ. එසේ වී යැයි නිර්මල බුදුදහමට වූ හානිය කුමක් ද ? ස්ථවිරවාදීහු සංගායනා කරත්ම එය පිළිගැනීමට මැලි වූ ඇතැමෙක් නිකායාන්තරගත වූහ. එනමුදු ස්ථවිරවාදීහු ස්වකීය මතයේ පිහිටා පාලි භාෂාව මාධ්‍ය කොටගෙන විභජ්ජවාදී ථෙරවාදී සම්ප‍්‍රදාය පවත්වාගත්හ. මේ තත්ත්වය නිසා ථෙරවාදය වේවා, මහායානය වේවා බුදුසමය ආසියාව පුරා ප‍්‍රචාරය වූයේ ය. ඒ අතරින් ථෙරවාදය සුවිශේෂී අනන්‍යතාවකින් ඉස්මතු වූ අතර වර්තමානයේදී එහි පවත්නා ප‍්‍රභාව යුරෝපාකරය දක්වා පැතිර තිබේ.

 එසේ වුව ද ථෙරවාදයට එරෙහිව පරවාද මථනය කටයුතු ය. ඒ නීතියෙන් අණ පනත් මගින් නොව ශාස්තී‍්‍රය පර්යේෂණ ප‍්‍රකාශන හා ප‍්‍රායෝගික කි‍්‍රයාදාම මගින් ය. උදාහරණයක් ලෙස මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ ථෙරවාදයට එරෙහි පරවාද මථනය කොට කථාවත්ථුප්පකරණය සම්පාදනය කිරීම පෙන්වාදිය හැකිය. එය ති‍්‍රපිටකයට පවා සංගෘහිත වී තිබේ. මීට ඉතා මෑතකාලීන උදාහරණයකි, පංචමහාවාදය. එය වනාහි තත් සමයේ බුදුසමයට එරෙහිව එල්ල වූ චෝදනාවලට ලබාදී ඇති විචක්ෂණශීලී ශාස්තී‍්‍රය පිළිතුරු සංග‍්‍රහයකි. මුද්‍රාපිත වූ එකී වාදවිවාද හේතුවෙන් බුදුසමයේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර ප‍්‍රජාවට ද දැනගන්නට ලැබිණි. මිළි`දු නාගසේන සංවාදය සහිත මිළින්ද පඤ්හය ද එවැනි උදාහරණයකි.

 බුදුන් වදාළ ධර්මය විවෘත වූ තරමට බැබළේ. කාලාම, වීමංසක, මහාපරිනිබ්බාණ, චුල්ලහත්ථිපදෝපම සහ චංකී ආදී සූත‍්‍ර විමසා බලන්න. කෙතරම් නිදහස් ලබා දී තිබේ ද ? අද අප කළ යුත්තේ වාදවිවාද නොව සාකච්ඡුා සහ සංවාදශීලී පිරිසක් බිහිකිරීමයි. ධර්මය විකෘති ලෙස ලියන, දේශනා කරන ඇත්ත ද මෙකී සංවාදයට කැඳවාගත යුතු ය.

 බ‍්‍රහ්මජාල සූත‍්‍රයේ එන පරිදි යමෙක් තුනුරුවන්ට දොස් නගයි ද, නින්දා කරයි ද, ඉන් කුපිත නොවිය යුතු ය. ඊට හේතුව එමගින් ඔවුන්ගේ ප‍්‍රකාශ සුභාෂිත ද දුර්භාෂිත ද යන්න විනිශ්චය කරගත නොහැකිවීමයි. එසේ නම් වර්තමානයේදී ප‍්‍රකාශ වන වැරදි අර්ථකථන හොඳින් අධ්‍යයනය කොට එවැනි තත්ත්ව මතුවීමට බලපෑ හේතු ද, ඒවාට කිසියම් සංවිධානාත්මක විනාශකාරී පිරිසක් සිටී ද යන්න ගැඹුරින් අධ්‍යයනය කළ යුතු පමණක් නොව පරවාද මථනය කෙරෙන ප‍්‍රකාශනයක් ද ඉදිරිපත් විය යුතු ය.

 ති‍්‍රපිටකය දැනටමත් හොඳින් සංරක්ෂණය වී තිබේ. එය මහරහතුන් ත‍්‍රිවිධ සංගායනාවකින් පාරිශුද්ධකොට විධිමත් භාණක පරම්පරාවකින් පවත්වා ගෙනැවිත් විධිමත්ව ලේඛනගත කොට අපට අතට පත්වී ඇත්තේ මෑත අතීතය තුළ පැල්ම`ඩුල්ලේ සංගායනාව, විද්‍යාලංකාර ති‍්‍රපිටක සංගීතිය, බුරුමයේ ඡුට්ඨ සංගීතිය සහ බුද්ධ ජයන්ති ති‍්‍රපිටක පරිවර්තනය වැනි සම්භවනීය ති‍්‍රපිටක සම්මේලන මගින්, ප‍්‍රතිබල සම්පන්න යතිවරුන්ගේ සම්මතයට ලක්වෙමිනි.

 ති‍්‍රපිටක ධර්ම සංරක්ෂණයත්, විකෘති අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහාත් තවත් එක් පනතක් ගෙන ඒම නොව පහත කි‍්‍රයාමාර්ග ගැනීම සුදුසු යැයි පෙනේ.

 ⋆ පාලි භාෂාව සහ තත් ව්‍යාකරණ සම්ප‍්‍රදාය පිළිබඳ බෞද්ධ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම (පාසල්, දහම් පාසල්, පිරිවෙන්, විහාරස්ථාන දායක සභා)

 ⋆ බුදුසමයේ ගැඹුරු දේශනා හා සම්බන්ධ වචන ධර්මාර්ථ විකෘති කරන බව පෙනීයන හෙයින් මූලික සංකල්ප සහ ඒ හා බැ`දුණු වචන ප‍්‍රමාණාත්මකව සරලව විස්තර කොට විද්වත් මණ්ඩලයක සම්මතයෙන් ප‍්‍රසිද්ධ කිරීම.

 ⋆ එම ප‍්‍රකාශනය අත්පොතක් වශයෙන් සෑම බෞද්ධයෙකුටම ලබාදීම.

 ⋆ ධර්ම විනය සිතාමතා විකෘති කරමින්, හිතුවක්කාරී ලෙස කි‍්‍රයා කරන භික්ෂූන්ට අදාළ පාර්ශ්වීය සංඝයා විසින් විනයානුකූල කි‍්‍රයාමාර්ග ගැනීම සහ ඒ බව මහජනතාවට දැන්වීම.

 ⋆ සංඝයා විසින් ප‍්‍රතික්ෂේප කළ එබ`දු ශ‍්‍රමණ වේෂධාරීන්ට පවත්නා නීතියෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග සොයා බැලීම හෝ අවශ්‍ය නීති සම්පාදනය කිරීම.

 ⋆ බුද්ධජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාව මෙන් පාලි අට්ඨකථා ද විධිමත්ව පරිවර්තනය කිරීම.

 ⋆ සන්න ගැටපද ටීකා මේ වන විටත් විහාරස්ථා පොත්ගුල් තුළ විනාශයට පත්වෙමින් පවතින හෙයින් පර්යේෂණ කණ්ඩායමක් යොදා ඒවා ඒකරාශී කොට විධිමත්ව ප‍්‍රකාශයට පත් කිරීම.

 ⋆ දිවයින පුරා විසිරී ඇති පුස්කොළ අත්පිටපත් පාදක කරගත් නිවැරදි ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවක් සකස් කරගැනීම. (සංඛ්‍යාංක තාක්ෂණයෙන් පිටපත් කොට මෙය සකස් කරගත හැකිය.)

 ⋆ ධර්මය පිළිබඳ සිදු කරන විකෘති අර්ථකථන පිළිබඳ ප‍්‍රතිබලසම්පන්න ධර්ම දේශකයන් වහන්සේලා ලවා ජනතාව දැනුවත් කරවීම, මාධ්‍ය අවකාශය ලබාගෙන ඒ පිළිබඳ කතිකාවක් ගොඩනැ`ගීම.

 ⋆ තරුණ පිරිස වර්තමානයේ ගැඹුරු ධර්මය ගවේෂණය කරන ප‍්‍රවණතාවක් පවතින හෙයින් එම ඉල්ලූම සපුරාලිය හැකි පරිදි සාම්ප‍්‍රදායික භික්ෂුව සවිබල ගැන්වීම.

 ⋆ විශේෂයෙන්ම මේ වන විට පාසල් අධ්‍යාපනයක ස්වරූපයකට පත්ව ඇති පිරිවෙන් අධ්‍යාපනය සාම්ප‍්‍රදායික පාරිවෙණික අධ්‍යාපන ලබාදෙන, ග‍්‍රන්ථ විදර්ශනා ධුරද්වය ප‍්‍රගුණ කරවන ආයතන බවට පමුණුවාලීම.

 ⋆ එකී ශාසන කාර්යය සඳහා සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ කි‍්‍රයාපිළිවෙත සහ ශාසන කතිකාවත්වල නිර්දේශ කර ඇති කි‍්‍රයාපිළිවෙත ආදර්ශයට ගැනීම.

 ⋆ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන කුඩා කල සිටම බෞද්ධ ජනතාවට න්‍යායාත්මක සහ චර්යාත්මක වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම. මෙහිදී වන්දනා ගාථා, වත්පිළිවෙත්. බුදුදහමේ මූලික සංකල්ප, අවශ්‍යයෙන්ම දතයුතු බෞද්ධ සූත‍්‍ර දේශනා පිළිබඳ ප‍්‍රමාණවත් අවබෝධයක් ලබාදිය යුතු වේ.

 යථෝක්ත වැඩපිළිවෙල මෙරට ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ උපදෙස් අනුව, බුද්ධශාසන අමාත්‍යාංශයේ ද අනුග‍්‍රහය ලැබ කි‍්‍රයාත්මක කළහොත් ති‍්‍රපිටක සංරක්ෂණයට අමුතු පනතක් වුවමනා නොවේ.

 කාලයක් තිස්සේ මෙරට සංඝ සමාජය වැඩිමනක් යොමුවූයේ දායකයන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම වෙනුවෙනි. එහෙයින් උන්වහන්සේලාට ධර්ම ශාස්තී‍්‍රය මෙහෙයක්, ති‍්‍රපිටක අධ්‍යයනයක්, භාවනාව වැනි ප‍්‍රායෝගික පිළිවෙත් සඳහා ද කාලය නොයෙදිණි. ඒ අවකාශය පුරවාලූයේ මුල මැද අග නොදත්, ශාසනයේ ඓතිහාසික විකාශය සහ සම්ප‍්‍රදාය නොදත් කණ්ඩායම් ය. ඔවුහු පාළුගෙයි වළං බි`දින්නා සේ දායක දායිකාවන් ඔවුන්ගේ ඊනියා ගැඹුරු බණට යොමු කරවන අතරේ සාම්ප‍්‍රදායී භික්ෂුව පිළිබඳ කලකිරවමින් ඔවුහු රහත් සේ බුදුවරු සේ පෙනී සිටියහ. මීට වගකිව යුත්තෝ කවුරුන් ද අපම ය.

 ගරුතර මහනාහිමිවරුනි, සානුනායක කාරක මහා සංඝයා වහන්ස, අපට උරුම පෙළ බස පෙළ දහම ග‍්‍රන්ථ විදර්ශනා ධුරය හික්මවන පාරිවෙණික අධ්‍යාපනය වහවහා අප අතට ගත යුතු ය. නැතහොත් නීතිපොතට යවා ශාසනය ති‍්‍රපිටකය රැුක්ක නොහෙක්ම ය.

 ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද, මෙරට දැන උගත් ගිහි පැවිදි හැමදෙනා ද ශාසන ගෞරවයෙන් මෙම කාර්යයෙහිලා පෙරමුණ ගත යුතු ය. ලාංකික භික්ෂූන් වහන්සේලා විසින් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කොට පවත්වාගෙන එන ලද ති‍්‍රපිටකය ද, අර්ථ විවරණ සම්ප‍්‍රදාය ද ලෞකික නීතිය තුළ නොව ශාසනික රාමුව තුළ සංරක්ෂණයත්, ධර්ම විනය ශාස්තෘත්වයෙහිලා සලකන ධර්ම ගෞරවයත් ධර්මයත්, විකෘති කරන්නන් හඳුනාගත හැකි හා ඔවුන්ගේ මිසදිටු දුරලිය හැකි ප‍්‍රතිබල සම්පන්න සිව්වනක් පිරිසත් වර්තමානයේදී සකස් විය යුතුම ය.

 අනෙක් කරුණ නම් කලින් කලට විවිධ රළගෙඩි නැෙ`ග්. සාගරය ඉන් වඩවඩාත් පවිත‍්‍ර වේ, සුන්දර වේ. නැෙ`ගන රළ බි`දී බි`දී යෙයි. සියලූ කුණු කසළ වෙරළෙහි ලයි. සාගරය එකම ලූණු රසැතිව මහා සත්වයන්, සත් රුවන් දරාගෙන ලොවට සෙත දෙයි. ශී‍්‍ර සද්ධම සාගරය ද එසේමැයි.

 මල්වතු මහාවිහාරවාසී පරිවෙණාචාර්ය
 හෙම්මාතගම පියදස්සි හිමි

advertistmentadvertistment