තුන් දෙනෙක් මරාගෙන කොස්තාපල් දිවිනසා ගනී

425

තවත් කොස්තාපල්වරයකු – මවක සහ දියණියක ඝාතනය කරලා

බිබිල, කරාඩුගල පොලිස් ස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයකු ඊයේ (04දා) අලුයම එම පොලිස් ස්ථානයේම සේවය කරන තවත් කොස්තාපල්වරයකුට, නෙල්ලියද්ද ප්‍රදේශයේ පදිංචි මවකට සහ දියණියකට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇත.

තුන් දෙනෙක් මරාගෙන කොස්තාපල් දිවිනසා ගනී

ඝාතනය සිදු කළ බව කියන කොස්තාපල්වරයා සහ මියගිය කොස්තාපල්වරයා අතර මතභේදයක් තිබූ බවට ඊයේ (04දා) සවස් වනවිටත් හෙළි වී නැතැයි ද කොස්තාපල්වරයා මවට සහ දියණියට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය.

තුන් දෙනෙක් මරාගෙන කොස්තාපල් දිවිනසා ගනී

ඝාතක රාළහාමි

වෙඩි තැබීම සිදුකළ බව කියන තුසිත කුමාර (42) නමැති කොස්තාපල්වරයා 03 වැනිදා රාජකාරියට වාර්තා කර රාජකාරි ගිනි අවිය ද රැගෙන ඊයේ අලුයම ඔහුට අයත් යතුරුපැදියෙන් කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ලහිරු උදාර (33) නමැති කොස්තාපල්වරයාගේ නිවසට ගොස් ඔහුට වෙඩි තබා ඝාතනය කර ආපසු එන අතරේදී නෙල්ලියද්ද ප්‍රදේශයේ 54 හැවිරිදි මවට සහ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට ද වෙඩි තබා ඝාතනය කර ඇත. අනතුරුව ඔහු සේවය කරන කරාඩුගල පොලිස් ස්ථානය අසලට පැමිණ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත. වෙඩි තබා ඝාතනය කළ කොස්තාපල්වරයා එක්දරු පියකු වන අතර වෙඩි තබාගෙන දිවි නසා ගත් පොලිස් කොස්තාපල්වරයා දෙදරු පියෙකි.

වෙඩි තැබීම සිදුකළ බව කියන කොස්තාපල්වරයාගේ බිරිඳ බව කියන කාන්තාවක් මාධ්‍ය අමතමින් කියා සිටියේ වෙඩි තැබීම සිදුකළ දිනට පෙර දින රාත්‍රි සැමියා තමාට දුරකථනයෙන් කතා කර දරුවන් දෙදෙනා සමග පරිස්සමින් සිටින ලෙසට ඉල්ලා සිටි බවයි.
පසුගිය දින ටිකේම මහත්තයා වැඩිය කතා බහක් කළෙත් නැහැ. හරියට කෑම කෑවේත් නැහැ. පොලිසියේ ඔක්කොම ප්‍රශ්න එයා පිට දමනවා කියලා එයා කිව්ව අවස්ථා තිබුණා. ඇයි මෙහෙම දෙයක් කළේ කියලා හිතා ගන්න බැහැ යැයි ඇය කීවාය.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක, බිබිල – ජේ. රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment