අවි ගත් සන්නද්ධ ප්‍රහාරකයන් පිරිසක් විසින් තුර්කියේ අන්කාරා අගනුවරට ආසන්නයේ පිහිටි රජයට අයත් අභ්‍යවකාශ සමාගමකට පෙරේදා (23) එල්ල කළ මාරාන්තික ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයන් 05 දෙනකු මියගොස් තවත් 22 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇන්කාරා නගරයට නුදුරින් පිහිටි තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ආයතනයේ මූලස්ථානය වෙත එල්ල කර ඇති මෙම ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර අභ්‍යවකාශ සමාගමේ සේවකයන් දෙදෙනකු මෙන්ම ප්‍රහාරයට පැමිණි ප්‍රහාරකයන් දෙදෙනකු හා ඔවුන්ව සමාගම වෙත රැගෙන යා කුලී රථ රියදුරා ද සිටින බව වාර්තා වේ.
මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම ඊයේ (24) දහවල් වන විට ද කිසිවකු විසින් භාරගෙන නොතිබූ අතර එම ප්‍රහාරය පසුපස තුර්කිය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති කුර්දිස්තාන් කම්කරු පක්ෂය සිටිය හැකි බව තුර්කියේ ආරක්ෂක ඇමැති යසර් ගුලර් පවසා තිබේ. තුර්කියට අමතරව යුරෝපා සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය කුර්දිස්තාන් කම්කරු පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.