උද්ඝෝෂකයින්ට N. R. A. විරෝධය
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාර්ජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් පසුව තුවක්කු භීෂණයට එරෙහිව රටපුරා උද්ඝෝෂණ කි‍්‍රයාත්මක විය. තුවක්කු ප්‍රචණ්ඩත්වයට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාකරුවෝ දහස් ගණනක් එක්සත් ජනපදය පුරා මෙන්ම ජාත්‍යන්තරයෙන් ද පෙළපාලි සඳහා පැමිණියහ.
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාක්ලන්ඞ් නගරයේ පිහිටි ‘‘මාර්ජරී ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසල’’ (Marjory Stoneman Douglas High School) නම් කරන ලද්දේ සදාහරිත පරිසරවේදිනී ලේඛිකා ‘‘මාර්ජරී ස්ටෝන්මන් ඩග්ලස්’’ගේ නමිනි. ඇගේ ශත සංවත්සරය පැවැති 1990 වර්ෂයේදී අලූතින් මේ පාසල ආරම්භ කළේ 9 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා පන්තිවලට අවට පාසල් වූ, Coral Springs High School සහ J. P. Tararella යන පාසල්වලින් තෝරාගත් සිසු සිසුවියන් ඇතුළත් කිරීමෙනි.
2018 පෙබරවාරි මස 18 වැනි දින මෙම උසස් විද්‍යාලයේ වෙඩි තැබීමක් සිදුවිය. මෙම වෙඩි තැබීම සිදුකරන ලද්දේ 2017 වර්ෂයේදී විනය විරෝධී හේතුමත පාසලෙන් නෙරපා හරින ලද නමුත්, මුළුමනින්ම පාසල් පද්ධතියෙන්ම නෙරපා හැරීමට නොහැකි නිසා වෙනත් පාසලකට මාරුකර යවන ලද 19 හැවිරිදි ‘‘නිකොලස් ජේකොබ් කෲස්’’ නමැති යෞවනයෙකි. ඔහු විසින් එදින AR-15 වර්ගයේ අර්ධ ස්වයංකී‍්‍රය රයිෆලයක් උපයෝගී කරගෙන ප.ව. 2.21ත් 2.27ත් අතර කාලය තුළදී විදුහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 17 දෙනකු ඝාතනය කරන ලද අතර තවත් 17 දෙනකුට තුවාල සිදුකරන ලදී.
මෙම සිද්ධියෙන් පසුව එම විද්‍යාලයේ සිසු සිසුවියන් හා තවත් අය එක්වී නැවත කිසිදිනක මෙවැනි සිද්ධියක් වීමට ඉඩ නොතැබීම සඳහා ‘‘නැවත කිසිදිනක එම්. එස්. ඞී Naver Again M.S.D” නමින් සංවිධානයක් ආරම්භ කරන ලදී.
M.S.D. අකුරුවලින් කියැවෙන්නේ ,”Marjory Stoneman Douglas” යන පාසලේ නමය. ‘‘නැවත දිනකදී තුවක්කු ප්‍රහාර වැළැක්වීම’’ මෙම සංවිධානයේ අරමුණයි. සංවිධානය තුවක්කු පාලනය සඳහා දැඩි රෙගුලාසි ඉල්ලා සිටින ඇමෙරිකානු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්වයෙන් යුත් දේශපාලන කි‍්‍රයාකාරි කමිටුවකි. ස්ටෝන්මන් ඩග්ලස් වෙඩිතැබීමෙන් දිවිගලවා ගත් අය සඳහා ව්‍යාපාරයක් ලෙස මෙම සංවිධානය සමාජ මාධ්‍ය තුළ පෙනී සිටී. අනාගතයේදී මෙවැනි වෙඩි තැබීම් වැළැක්වීම සඳහා නීති සම්පාදනයට පියවර ගන්නා ලෙස ඉල්ලා එම සංවිධානය විරෝධතා පැවැත්වූ අතර N.R.A. සංගමයේ (N.R.A. – ජාතික රයිෆල් සංගමය) දේශපාලන දායකත්වය ලබාගත් එක්සත් ජනපද නීති සම්පාදකයින්ව ද දැඩි ලෙස හෙළා දැක ඇත. (භගඍග්ග පිළිබඳ සවිස්තර ලිපියක් සහ කාටුන් 2021-07-21 දින බදාදා අතිරේකයේ කාටුන් කියැවීම පිටුවේ පළවිය.)
Naver Again M.S.D සංවිධානයේ ප්රමුඛ සාමාජිකයන් වෙන්නේ……. ඇල්ෆොන්සෝ කුල්ඩෙරෝන්, සාරා වැඞ්වික්, ජැක්ලීන් කොරින්, රයන් ඩෙයිට්ෂ්, එමා ගොන්සාලෙස්, ඬේවිඞ් හෝග්, කැමරන් කැස්කි, ඇලෙක්සැන්ඩර් වින්ඞ් සහ සොෆී චිට්නි අයයි. මෙම කණ්ඩායම පාසල තුළ වෙඩිතැබීමෙන් පළමු දින හතර තුළදී සංවිධානය පිහිටුවීය. වෙඩිතැබීමෙන් දිනකට පසු 2018 පෙබරවාරි 15 දින කැස්කි මියගිය අය සිහිකර ඉටිපන්දම් දැල්වීමේදී වින්ඞ් හමුවිය. වින්ඞ් ප්‍රකාශ කළේ වෙඩිතැබීමෙන් පසු කිසියම් දෙයක් සිදුවිය යුතු බවයි. කැස්කි, වින්ඞ් සහ චිට්නි ට තම නිවසට ආරාධනා කළේය. කණ්ඩායම සැලසුම් සඳහා රාති‍්‍රය පුරාම නිදිවර්ජිතව සිටි අතර කැස්කිට ‘‘නැවත කිසිදිනක Naver Again ” නම සිතට පැමිණියේය. ඉන්පසු කි‍්‍රයාත්මක වුණු ඔවුන් එය තම මුහුණුපොත (Facebook)වල පළකළ අතර වෙඩි තැබීමෙන් දින තුනක් තුළදී ඔවුන්ට අනුගාමිකයින් 35,000කට අධික ගණනක් සහාය දැක්වීය. කැස්කි ෆ්ලොරිඩාවේ ෆෝර්ට්ලෝඩර් ඬේල් හි පැවැති තුවක්කු පාලනය කිරීමේ රැුළියකදී ඬේවිඞ් හොග්, එමා ගොන්සාලෙස් සහ ඩොලනි ටාර් ද බඳවා ගත්තේය. අනෙක් සිසුන් ද විශාල ගණනක් ඉක්මනින්ම සංවිධානයට එක් විය. සිසුන් රූපවාහිනී ජාල සඳහා හැකි තරම් සම්මුඛ සාකච්ඡුා ලබා දුන්නේය. මෙම කණ්ඩායම කියා සිටියේ වෙඩි තැබීම සහ ඉන් අනතුරුව සිදුවූ දේ පිළිබඳව ජාතික මාධ්‍ය අවධානය යොමුවූවිට එයින් ප්‍රයෝජන ගැනීම සඳහා ඔවුන් ඉක්මනින්ම වැඩ කළ යුතු බවය. ඊළඟ දිනය වනවිට එම කණ්ඩායම ට්විටර් ගිණුම් සාදා 2018 මාර්තු 24 න් පසු පුරා මාසයක් රට පුරා තුවක්කු පාලනය සඳහා විරෝධතා ප්‍රකාශයට පත් කළේය. ෆ්ලෝරිඩාවේ සෙනෙට් සභික ගැරී ෆාමර් ඇතුළු තේරී පත්වූ නිලධාරීන් සහ තුවක්කු පාලන උපදේශකයින් ද තුවක්කු නීතිය හා ගිනි අවි ආරක්ෂණ නීතිය ඉල්ලා සිටියේය.
2018 පෙබරවාරි 17 වැනිදා ලෝඩර්ඬේල් තුවක්කු පාලන රැුළියේදී එමා ගොන්සාලෙස් විනාඩි 11 ක් ආවේගශීලී දේශනයක් සිදුකළ අතර ඇය ඇමෙරිකාවේ තුවක්කු නීතියේ සාමාන්‍ය දැනීම ඇත්තේ කොහේදැයි ප්‍රශ්න කළ අතර, රජයේ හා ජනපති ඩොනල්ඞ්
ට්‍රම්ප් ගේ සිතුවිලි සහ මේ ගැන කළ දුක් යාඥා දැඩි ලෙස විවේචනය කිරීම නිසා ප්‍රසිද්ධ විය.
C.N.N රූපවාහිනියේදී අදහස් දැක්වූ කැමරන් කැස්කි කියා සිටියේ…..’’ මෙම ඛේදවාචකය මතුකරන තුවක්කු පාලනය කිරීමේ ගැටලූ අපට නොසලකා හැරිය නොහැක. ඒ නිසා මම අහනවා….. නැහැ ඉල්ලනවා දැන් අපි පියවර ගත යුතුයි.’’ කියාය. ‘‘නැවත කිසිදිනක “M.S.D.” කණ්ඩායමේ සිය ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් 15 දෙනකු 2018 පෙබරවාරි 20වැනි දින ඇමෙරිකාවේ කැපිටල් මන්දිරය වෙත බස් සංචාරයකින් විරෝධතාවට පැමිණියේ මෙවැනි තුවක්කු ප්රහාරයන්ට එරෙහිව නීති මගින් පියවර ගන්නා ලෙස කොංග්‍රසයට බලපෑම් කිරීමටය. ජැක්ලින් කොරින් මෙය සංවිධානය කළ අතර සොෆි චිට්නි බස් රථයක් තුළදී C.N.N හි වොෂින්ටන් ප්‍රධාන වාර්තාකරු ජේක් ටැපර් සමග සජීවී සම්මුඛ සාකච්ඡුාවක් පැවැත්විය.
ප්‍රහාරක ආයුධයවන AR-15 මෝස්තරයේ රයිෆල් සහ ඉහළ ප්රචණ්ඩත්වය පිළිබඳ ලිපි පළකරන සගරා තහනම් කිරීමේ පනත් කෙටුම්පත් සලකා බැලීමට ෆ්ලෝරිඩා හවුස් ඡුන්දය දෙනවිට මියගිය සිසුවකුගේ පියාවන ෆ්‍රෙඞ් ගුටන්බර්ග් සමග පාසලේ සිසුන් කිහිපදෙනෙක් ගැලරියේ සිට බලාසිටියේ ය. පසු දින කැපිටල්හි පැවැති විරෝධතා රැුළියට 3000කට වැඩි පිරිසක් සහභාගි විය. සංවිධානයේ ඬේවිඞ් හොග් කළු සිසුන්ට හඬක් නොදීම ගැන මාධ්‍යයන්ට දොස් නැඟීය. ඇලෙක්ස් වින්ඞ් පැවසුවේ මෙම විරෝධතාවයන් සියලූම ජන කොටස්වලට එල්ල වූ තුවක්කු ප්රචණ්ඩත්වය අවසන් කිරීම ගැන බවය.
‘‘අපේ ජීවිත සඳහා මාර්තු :(March For Our Lives) නමින් රටපුරා පෙළපාලියක් සමග වොෂින්ටන් D.C. හි පැවැති පාගමනක් 2018 මාර්තු 24වැනි දින සිදුවිය. මෙම උත්සවය පැවැත්වූයේ තුවක්කු සඳහා වූ සෑම තරාතිරමකම ලාභ නොලබන සංවිධාන සමගය. තුවක්කු ප්‍රචණ්ඩත්වයට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා විරෝධතාකරුවන් දහස් ගණනක් එක්සත් ජනපදය පුරා මෙන්ම ජාත්‍යන්තරයෙන් ද පෙළපාලිය සඳහා පැමිණියහ. මෙහිදී මාර්ජරි ස්ටෝන්මන් ඩග්ලස් පාසලේ සිසුන් කතා පැවැත්වීය. එමා ගොන්සාලෙස් විනාඩි හයක් වේදිකාව මත නිශ්ශබ්දව සිට වින්දිතයන් නම් කරමින් කෙටියෙන් කතා කළේය. කොලින් විසින් රැුගෙන ආ මාර්ටින් ලූතර් කිංග් ගේ 9 හැවිරිදි මිනිබිරිය වූ යොලන්ඩා රෙනී කිංග් ද කතාවක් කළා ය. වර්ජිනියාවේ අපි‍්‍රකානු – ඇමෙරිකානු ප්‍රාථමික විදුහලේ සිසුවියක වූ නයෝමි වොඞ්ලර් ද තුවක්කු පාලනය පිළිබඳ කතාවක් කළේය.
(එමා ගොන්සාලෙස් වේදිකාව මත විනාඩි 6 ක් නිශ්ශබ්දව සිටියේ ඝාතකයා ඝාතන සිදුකිරීමට ගත් කාලයවන විනාඩි 6 සිහිපත් කිරීමටය*
තුවක්කු නීතිය පිළිබඳ කොංග්රස් සාමාජිකයින්ගේ වගකීම සඳහා එක්සත් ජනපදය පුරා නගර සභා රැුස්වීම් සංවිධානය කිරීමට ද Naver Again M. S. D. කටයුතුකර ඇත. 2018 ජුනි මාසයේදී M.S.D. නිවේදනය කළේ කණ්ඩායම එක්සත් ජනපදය පුරා සංචාරය කරන බවත් එම ගිම්හානයේදී ශක්තිමත් තුවක්කු පාලනය සඳහා සැලසුම් කරන බවත්ය. ගිම්හානයේ හා සරත් සමයේදී ශිෂ්‍යයන් ෆ්ලොරිඩාවේ සෑම දිස්ති‍්‍රක්කයකම සහ රටපුරා ප්‍රාන්ත 30 සංචාරය කළ අතර ප්‍රජාවන් 100කට වැඩි සංඛ්‍යාවක් සමග සංචාරය කරමින් ඡන්දදායකයන් 50,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචිකර ගනිමින් තුවක්කු ප්රචණ්ඩත්වය ගැන ඔවුන්ව දැනුවත් කළේය.
ජෝර් සහ අටල්ක්ලනී සංවිධානය ඩොලර් 500,000ක් පරිත්‍යාග කළ අතර ඔවුන් ද සහභාගි වූ March For Our Lives පෙළපාලියේ සංවිධාන කටයුතු සඳහා ද දායක විය. ඔප්රා වින්ෆරි, ජෙෆ්රි කැට්සන්බර්ග් සහ ස්ටීවන් ස්ටීල්බර්ග් ඇතුළු කීර්තිමත් පුද්ගලයන් ද මෙයට සහාය පළකරමින් සහභාගි විය. මැසචුසෙට්ස් ආයතනය (MIT), හාවඞ් විශ්වවිද්‍යාලය, ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය
Naver Again M.S.D.සඳහා විශාල සහායක් දැක්වීය.
හිටපු රිපබ්ලිකන් සෙනෙට් සභිකයකු සහ ජනාධිපති අපේක්ෂක රික් සැන්ටෝරම් C.N.N. රූපවාහිනී සේවය සමග සම්මුඛ සාකච්ඡාවකදී පාක්ලන්ඞ් හි කි‍්‍රයාකාරීන්ට වාචිකව පහරදුන්නේ, සිසුන්ට වොෂින්ටන් D.C.හි පෙළපාලි යනවාට වඩා හොඳමදේ පන්තිවලට ගොස් ඉගෙන ගැනීම කිරීම බවයි. අයෝවාහි රිපබ්ලිකන් නියෝජිත ස්ටීව් කිංගේ ව්‍යාපාරය එමා ගොන්සාලෙස් ගේ කියුබානු උරුමය ප්‍රදර්ශනය කරමින් විවේචන කළේය. N.R.A..මණ්ඩල සාමාජික සහ රොක් සංගීතඥ ටෙඞ් නුගන්ට් පාක්ලන්ඞ් කි්රයාකාරීන්ව විස්තර කළේ ‘‘මොළයක් නැති හා ආත්මයක් නැති බොරුකාරයින්’’ ලෙසයි. දක්ෂිණාන්ගික කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරයකු හා ඉන්ෆෝවොර්ස් හි සංස්කාරක ඇලෙක්ස් ජෝන්ස්, එමා ගොන්සාලෙස්, ඬේවිඞ් හොග් සහ ‘‘අපේ ජීවිත සඳහා මාර්තු’’ විරෝධතාකරුවන් නාසීන් හා සංසන්දනය කිරීමෙන් ඔවුන්ව අපකීර්තියට පත්කිරීමේ ව්‍යාපාරයක් මෙහෙය විය.
2018 මාර්තු මාසයේදී මිෂෙල් ඔබාමා සහ හිටපු ජනපති බැරක් ඔබාමා පාක්ලන්ඞ්හි සිසුන්ට අතින් ලියන ලද ලිපියක් යැවූ අතර ඔවුන් දෙදෙනා ද තුවක්කු ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙනී සිටිමින් එය අගය කරන බව ද ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ ලිපියේ සඳහන් වූයේ …
වචනයෙන් කිව නොහැකි ඛේදවචාකයකදී ඔබ සියලූ දෙනාම දැක්වූ ඔරොත්තු දීමෙන්, අධිෂ්ඨානයෙන් සහ අභියෝගයෙන් අප කොතරම් ආනූභාව සම්පන්න වී ඇද්දැයි ඔබට පැවසීමට අපට අවශ්‍යයි. ඔබ එකිනෙකාට සහයෝගය දැක්වීම සහ සැනසීම පමණක් නොව හෘද සාක්ෂිය අවදි කිරීමට උදව් කළා. ජාතියේත් අපේ දරුවන්ගේත් ආරක්ෂාව රටේ ප්‍රමුඛස්ථානය බවට පත්කරන ලෙස, තීරණ ගන්නා අයට අභියෝග කළේය. අපේ ඉතිහාසය පුරාවටම ඔබ වැනි තරුණයින් – තරුණියන් ඇමෙරිකාව යහපත් කිරීමේ මාවතට නායකත්වය දී ඇත.
මිෂෙල් සහ බැරක් ඔබාමා 2018 මාර්තු 10 ප්‍රතිඵලය
2018 මාර්තු මාසයේදී ෆ්ලොරිඩා ව්‍යවස්ථාදායකය විසින් ‘‘මාර්ජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ මහජන ආරක්ෂක පනත’’ නමින් පනතක් සම්මත කරන ලදී. ගිනි අවි මිලදී ගැනීමේ අවම වයස අවුරුදු 21ක් දක්වා ඉහළ නැංවීම, පොරොත්තු කාලය සහ පසුබිම් පරීක්ෂා කිරීම් ස්ථාපිත කිරීම, සමහර ගුරුවරු සන්නද්ධ කිරීම සහ පාසල් පොලිසි බඳවා ගැනීම සඳහා වැඩසටහන් සැපයීම, සමහර නීති යටතේ අත්අඩංගුවට ගත හැකි ප්රචණ්ඩ හෝ මානසික සෞඛ්‍ය සම්පන්න නොවන පුද්ගලයින් තුවක්කු ළඟ තබා ගැනීම තහනම් කිරීම. සමස්තයක් වශයෙන් මේ කටයුතු සඳහා ඩොලර් මිලියන 400 ක් පමණ වෙන් කළේය. මාර්තු 9 වැනිදා ආණ්ඩුකාරවරයා පනතට අත්සන් තැබීය. ඔහු කියා සිටියේ… ‘‘මාර්ජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ සිසුන් හඬ නැඟුවා. ඔබලා වෙනසක් වෙනතුරු සටන් කළා’’ යනුවෙනි. මේ පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියා සිටියේ’’ වසර තිහකට පසු ෆ්ලොරිඩාව තුවක්කු පාලනයක් හා තහනමක් පැනවූ පළමු අවස්ථාව මෙය වූ අතර, එය මාර්ජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ සිසු සිසුවියන් විසින් ආරම්භ කරන ලද Naver Again M.S.D. ව්‍යාපාරයට වැදගත් ප්‍රතිචාරයක් සහ ප්‍රතිඵලයක්’’ බවය. ඉන්පසු ඇමෙරිකාව පුරා ප්‍රාන්ත 26ක තුවක්කු ප්‍රහාර වැළැක්වීමට හා පාලනය කිරීමට නීති 67ක් සම්මතකර ඇත.
1. ටේලර් ජෝන්ස් (Taylor Jones) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ Naver Again M.S.D. සංවිධානය මගින් ආරම්භ කරන ලද ‘‘අපේ ජීවිත සඳහා මාර්තු’’ (March For Our Lives) නම් මහා උද්ඝෝෂණ පා ගමන පිළිබඳවය කාටුනයේ Naver Again M.S.D. සංවිධානයේ ප්‍රබල කි‍්‍රයාකාරි සාමාජිකාවක් වූ එමා ගොන්සාලෙස්ව දක්වා ඇත. උද්වේගකර අවස්ථාවකට පත්වී ඇති ඇය ස්වයංකී‍්‍රය ගිනි අවියක් දෙකට නවා විරෝධය පළකරන ආකාරය පෙන්වාදී ඇති අතර ඇයට පිටුපසින් උද්ඝෝෂණ පා ගමනට සහභාගි වූවන් ගෙනයනු ලබන සටන් පාඨයන් කිහිපයක් ද දක්වා ඇත. ‘‘සිතුවිලි යාඥා කිරීම ප්‍රමාණවත් නොවේ’’, ‘‘අපේ ජීවිත සඳහා මාර්තු’’, ‘‘ඇති තරම් ඇති’’ යනාදී පාඨයන් එහි දක්වා ඇත.
2. ක්ලේ ජෝන්ස් (Clay Jones). ගේ කාටුනයේ දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලය රැුස්වෙන කැපිටල් මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය කරන තුවක්කු ප්‍රචණ්ඩත්වයට එරෙහි උද්ඝෝෂකයින්ය. ඔවුන් ‘‘ආයිත් නැවත’’ (Naver Again), ‘‘තුවක්කු ප්රචණ්ඩත්වය නවත්වන්න (Stop Gun Violence), ‘‘තවදුරටත් නිහඬතාවය නැත’’ (No More Silence),, ‘‘ඇති තරම් ඇති’’ ‘‘අපේ ජීවිත සඳහා මාර්තු’’(March For Our Lives) යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිටී. මේ අතර කැපිටල් මන්දිරයේ පඩි පෙළ මත සිටි N.R.A. අකුරු සඳහන් ඇඳුමින් ඇඳසිටින කැදන්තෙක් (N.R.A.. ජාතික රයිෆල් සංගමය) (ඔහු ජාතික රයිෆල් සංගමය නියෝජනය කරමින් කොංග්‍රසයට බලපෑම් කරන පුද්ගලයෙකු ලෙස දක්වා ඇත.* උද්ඝෝෂකයින්ට කෑගසමින් කියනවා. ‘‘මගේ තණපිටියෙන් ඉවත්වනු’(Get Off My Lawn!!!) කියා කොංග්‍රසය රැුස්වෙන කැපිටල් මන්දිරය භූමියේ ඇති තණපිටිය ඔහුට අයත් බව ඔහු කියයි. ඉන් අදහස් කරන්නේ එම තණපිටියේ සිට ඔහුගේ N.R.A. සංගමය කොංග්‍රසයට බලපෑම් කරමින් තුවක්කු සංස්කෘතිය ආරක්ෂා කිරීමට කි‍්‍රයා කරමින් සිටින බවය.
3. කාටුනයේ දැක්වෙන්නේ විශාල ගිනි අවියක් සහ කුඩා දරුවෙකි. එම ගිනි අවියේ ‘‘තුවක්කු සංස්කෘතිය’’ (Gun Culture) යනුවෙන් සඳහන් කර ඇත. කුඩා දරුවාගේ කමිසයේ ‘‘අපේ ජීවිත සඳහා මාර්තු’’ (March For Our Lives) යන පාඨය සඳහන්කර ඇත. ඔහුගේ එක් අතක ‘‘ඒ ඇති’’ (Enough) යනුවෙන් සටහන්කර ඇති කඩදාසියක් ද ඇත. දරුවා තුවක්කු කටට සුදු පාට මලක් සහිත ඉත්තක් ඔබයි. ඔහු කියන්නේ දැන් වෙඩි තිබ්බා හොඳට ම ඇති. දැන් ඉතින් මේ මල පිළිගන්න කියායි. ඔහු අදහස් කරන්නේ දැන් වෙඩි තැබිය යුත්තේ් මුනිස්සම්වලින් නොව මල්වලින් බවය. ඒ ඔහුගේ අහිංසක ප්‍රාර්ථනයයි. මෙම කාටුනය නිර්මාණයකර තිබුණේ ජෝන් කෝල් :(John Cole) නම් කාටුන් ශිල්පියා විසිනි.
රුවන් තරස්වින්
[email protected]