තුවාලයක් සුවපත් කිරීමේදී මතුවන බරපතළම ගැටලුව වනුයේ තුවාල විෂබීජ ආසාදනයෙන් වළක්වා ගැනීමය.
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සිදුකරන ප්‍රතිකාර ක්‍රමද නවීකරණය වී ඇත. ඒ අනුව තුවාල සඳහා සිදුකරන ප්‍රතිකාර ද මේ වනවිට නවීන තාක්ෂණය භාවිත කරමින් සිදුකරන්නට පටන්ගෙන ඇත. එලෙස තුවාල සඳහා සිදුකරන නවීන ප්‍රතිකාරයක් ලෙස ශීතල ප්ලාස්මා සම්බාහනය (Cold Plasma Therapy) හැඳින්විය හැකිය.
ශිතල ප්ලාස්මා සම්බාහනය
තුවාලවල විෂබීජහරණය සඳහා (විනාශ කිරීම) යොදාගන්නා අයනධාරා, ප්‍රතිකාර ක්රමයකි.
තුවාලයක් සුවපත් කිරීමේදී මතුවන බරපතළම ගැටලුව වනුයේ තුවාල විෂබීජ ආසාදනයෙන් වළක්වා ගැනීමය.
මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදුකරන්නේ විශේෂ උපකරණයක් මඟින් අයනධාරාවක් තුවාලය වෙත යොමු කිරීමය. එමඟින් තුවාලයට විෂබීජ ආසාදනයවීම වළක්වා ගත හැකිය. මෙය ඉතා පහසු ප්‍රතිකාර ක්රමයකි.
මෙම ප්‍රතිකාර ක්‍රමය නහර ගැට ගැසීම නිසා හටගන්නා තුවාල විෂබීජ ආසාදනය නිසා හටගන්නා තුවාල සහ පීඩනය නිසා හටගන්නා තුවාල සඳහා යොදාගනු ලබයි.
ඊට අමතරව අනෙකුත් තුවාල සඳහාද විෂබීජ විනාශ කිරීම සඳහා යොදාගත හැකිය.
මෙම ප්‍රතිකාර ක්‍රමයේදී භාවිතා කරන උපකරණය කුඩා ටෝච් එකක් වැනිය. ඉන් නිකුත් කරන සීතල අයනී කිරණ ප්ලාස්ම ධාරාව මගින් තුවාලයේ ඇති විෂබීජ විනාශ කරනු ලබයි.
මෙම අති නවීන ප්‍රතිකාර ක්‍රමය දැනට බටහිර රටවල ඉතා බහුලව භාවිත කරනු ලබයි. නමුත් අවාසනාවකට මෙන් අප රට තුළ මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැත. එනිසා දැනට අප රටේ තුවාල ප්‍රතිකාර සඳහා භාවිත කරන්නේ වසර පනහකට හැටකට පමණ පෙර භාවිත කළ ප්‍රතිකාර ක්‍රමය.
වැඩි විස්තර සඳහා දුරකථන අංක 0778899021 ඇමැතිය හැකිය.
තුවාල ප්‍රතිකාර සම්බන්ධ
පශ්චාත් උපාධිධාරී
වෛද්‍ය ගයාන් ජයකොඩි
(MBBS, MSC)
වුන්ඩි වුන්ඩ් ඉනෝවේෂන්, තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය, රද්දොළුගම.
සංස්කරණය – උපාලි ද සේරම්