තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්

119

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම ණය පහසුකම ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු ප‍්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී මෙම ණය මුදල ස`දහා දෙරටේ බලශක්ති ලේකම්වරුන් විසින් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment