තෙල් ගවේෂණයට ආණ්ඩුවෙන් ගැසට්ටුවක්

1021

නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතක් බලශක්ති අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.  ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියක් පිහිටුවීම මෙහි එක් අරමුණක් වෙයි.
 
එමෙන්ම මෙරට නවීන තෙල් ගවේෂණ සංවර්ධන නිෂ්පාදන හා කළමනාකරණ කටයුතු තුළින් ඛනිජ තෙල් සම්පත්වල උපරිම ආර්ථික වටිනාකම් ලබා ගැනීමට නව ව්‍යුහයක් සකස් කිරීමත් දැනට පවතින ඛනිජ තෙල් සම්පත් පනත ඉවත් කිරීමටත් නව පනතෙහි අරමුණුය.
 
තෙල් ගවේෂණ බිම් කොටස් හා සංවර්ධන බිම් කොටස් සීමා නිර්ණය කිරීම ඒවා ආයෝජනය සඳහා අලෙවි ප‍්‍රවර්ධනය කිරීම පවතින නීති රාමුව තුළ කොන්ත‍්‍රාත්කරුවන් සමග සාකච්ඡා කිරීම, ඛනිජ තෙල් මෙහෙයුම් නියාමනයට මාර්ගෝපදේශ නිකුත් කිරීම ආදිය ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියට යටත් වෙයි.
 
 – රනිල් ධර්මසේන


advertistmentadvertistment