තෙල් බවුසර්වලට පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

81

ඉන්ධන බෙදාහරින ටැංකි රථ සඳහා දින දෙකක් ඇතුළත පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ‘දිවයින’ ට ඊයේ (22 වැනිදා) පැවැසීය.

දින දෙකක් ඇතුළත මේ සඳහා විසඳුමක් ලබා නොදුනහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බවට එම ටැංකි රථ සේවකයන් දැනුම්දී ඇතැයි ද හෙතෙම කීය.

පසුගිය දිනවල ඉන්ධන බෙදාහරිමින් තිබූ ටැංකි රථවල රියැදුරන්ට එල්ල වූ තර්ජන, බලෙන් ඉන්ධන බෑම ඇතුළු ප්‍රශ්න නිසා එම සේවකයන් ඉන්ධන බෙදාහැරීමට බියක් දක්වන බවද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment