තෙල් මැතිරිල්ල… තානායම්පල්ලාගේ සටහන

314

කිව්වම අහන්න අංකල්… සංචරණ සීමා ඉවත් කරපු දවසට විතරක් පබ්ලික් බාර් ඇරියට… තාම තානායම් වල බාර් අරින්න අවසර දීලා නෑ… බොරු නම් එන්න… එක්කං ගිහින් බාර් එක පෙන්නන්න…

තෙල් මැතිරිල්ල... තානායම්පල්ලාගේ සටහන

තානායම් ගේට්ටුව ළ`ග ඉ`දන් නික්මෙන තානායම් සිකුරුටිගේ හ`ඩ කනේ තිව්වා වගේ මගේ ඔෆිස් එකට ඇහුණා.
 
 ‘‘…..ඒ කියන්නෙ අංකල් සුරාබදු එක්සයිස් එකේ මහත්තුරු බාර් එකේ ස්ටොක් එක චෙක් කරලා අපෙනුත් ලේඛණ අස්සන් අරන් ලාකඩ තියලා බාර් එකේ ඉබ්බෝ සේරම සීල් තියලා ගියේ……
 
 මම වහා කාර්යාල මේසෙන් මිදිලා තානායම් ගේට්ටුව ළ`ග සංවාදය පෙනෙන මට්ටමට ඉදිරියට ගියා.
 
 රුපියල් දෙදහසකට ආසන්න සාමාන්‍ය මත්පැන් බෝතලයක් කොරෝනා සංචරණ සීමා හමුවේ රුපියල් පන්දහසකට අඩුවැඩි කළුකඩ මුදලකට අලෙවි වන පසුබිමක් තුළ අඩු ආදයම් ලාභී සාමාන්‍ය මිනිසා පත්වන අපහසුව දන්නේ එම තත්ත්වය අත්වි`දි අයවලූන් පමණය.
 
 මම තානායම් සිකුරිටි ගේට්ටුව අසල සිට වියපත් පුද්ගලයකු සමග කරනා සංවාදය දෙස නෙත් යොමු කළා.
 
 මොනවා…? ඇස් අදහා ගන්නටත් බැරිය. එහෙත් හරියටම හරි ය. දෙකක් නැත. මේ ඒ අංකල්ම ය.
 
 තානායමේ මායිම් තාප්පය වටේට සිටවපු ගැල්වනයිස් බට වල ඇමිනූ දැවැන්ත ජාතික කොඩි ධජ පතාක සුළගේ ළෙල දෙමින් තිබුණා.
 
 ‘‘…වෙඩින් වගේ නෙමෙයි…. මොන්ටිසෝරි කොන්සර්ට් වලට හෝල් එක දීපුවාම තානායමේ මල් ගස් ටික සේරම ඉවරයි…..
 
 වේටර් මහේෂ් මට ඇහෙන්න තවත් වේටර් කෙනෙකුට කියනවා.
 
 තානායම් මිදුලේ ලස්සනට සකස් කර ඇති පුංචි මල් වත්ත ලස්සන මල් වලින් පිරිලා තිබුණා.
 
 ඒ නිසාම එය රැුක ගැනීම වෙනුවෙන් ලැබෙන සේවක ප‍්‍රතිචාර එක හෙලා බැහැර කරන්නට බැහැ.
 
 අද දිනයේ තානායමේ පැවැත්වෙන්නේ මොන්ටිසෝරි කොන්සර්ට් එකකි. එය වෙනුවෙන් තානායමේ මා ඇතුළු සියලූම සේවකයන් ඊට සාමූහිකව කැපවී සිටියා.
 
 එය සංවිධානය කරන්නන් කඩියන් මෙන් එහා මෙහා ඇවිද යමින් සිටියා.
 
 වැඩිහිටියන් තම මොන්ටිසෝරි දියණිය හෝ පුතා විවාහ උත්සවයක මල් කුමර කුමරියන් සේ අලංකාර අයුරින් සරසවා ගෙන එම දෙමාපියන්ද විවාහ උත්සවයකට මෙන් හැඩ වැඩ ඇ`දුමින් සැරසී මේ රැුස්ව සිටින්නේ තම දරුවාගේ පෙර පාසල් දිවිය සමාප්ත කිරීමේ නිල උත්සවය හෙවත් මොන්ටිසෝරි කොන්සර්ට් එකට සහභාගී වීම ස`දහාය.
 
 දැන් එම උත්සවයේ ආරම්භක පියවර වශයෙන් සිදු කිරීමට යන්නේ උත්සවයට රැුස්ව සිටිනා ප‍්‍රභූ පිරිස පෙරහැරින් තානායම තුළට කැ`දවාගෙන ඒමය.
 
 බෙරවයමින් සක් හ`ඩ නාද කරමින් උඩරට නැට්ටුවන්ගේ හිටි පිණුම් කරණම් සහිත නර්තනයන් පෙරදැරිව කැන්දාගෙන එන ප‍්‍රභූ පිරිස තානායම් ආලින්දයට සමීපවත්ම හේවිසි කරුවන්ගෙන් නැගි දවුල් බෙර නාදය සහ නැට්ටුවන්ගේ පා බැ`දි සළඹ කිංකිණි නාදයෙන් ශාලාව ගිගුම් දුන්නා.
 
 එසැණින් සම්භාෂණ ශාලාව දෙසින් ඇසෙන්නට වූයේ මහා ගාල ගෝට්ටියක හ`ඩකි.
 
 ‘‘..මොකද්ද කේස් එක…..
 
 ‘‘…ඇතුළෙ වලියක් වත්ද?….
 
 සියල්ලන්ගේම මුහුණු වල ඇත්තේ එම වදන ලියැවුණ ප‍්‍රශ්ණාර්ථයකි.
 
 මා එසැණින් සම්භාෂණ ශාලාව තුළට දිව ගියේ ගැටලූව කුමක් හෝ වේවා එහි අවසන් ගැලවුම් කාරයා මා නිසාය.
 
 ‘‘..මැනේජර් මහත්තයා… උත්සවේට ආපු අම්මා කෙනෙක් ආවේස වෙලා…..
 
 ඒ හ`ඩත් සමග මම හීයක වේගයෙන් ආපසු හැරුණා.
 
 ‘‘…මොනවා?…ආවේස වෙලා…..
 
 ‘‘…ඔව් මහත්තයා… මේ දැන් අමුත්තන් කැන්දගෙන එන පෙරහැරේ බෙර සද්දෙට.. කොන්සර්ට් එකේ මොන්ටිසෝරි බබෙක්ගෙ අම්මා කෙනෙක් ආවේස වෙලා…..
 
 එසේ කියමින් මොන්ටිසෝරි තාත්තා කෙනෙක් මා සමගම ඇතුළට දිව ගියා.
 
 ‘‘…ෂුවර්ද ආවේස වෙලා කියලා… එහෙම නැත්නම් කලන්තයක් ෆිට් එකක් වගේ අසනීපයක් වත්ද?…..
 
 මම කලබලෙන් ඇහුවා.
 
 ‘‘..පිස්සුද සර්… මම ඇස්දෙකෙන්ම දැක්කා ඉස්සරවෙලාම ඒ අම්මා දෙපැත්තට පැද්දි පැද්දි මොනවදෝ ගාථාවල් වගේ කිය කියා ටිකෙන් ටික ආවේස වෙන්න පටන් ගත්ත හැටි…
 
 ඊට පස්සෙ තමයි එක සැරේම ඔළුව දෙපැත්තට කරකවකවා අත්දෙකත් උස්සගෙන බෙර පදේට නටන්න ගත්තේ……
 
 ‘‘..හරි හරි… කෝ දැන් ඒ අම්මා… කොහාටද ගෙනිච්චේ?….
 
 පඹ ගාලක පැටලූණු මම මොහොතක් අතරමංව වටපිට බැලූවා.
 
 අපේ තානායම් කාර්ය මණ්ඩලයේ කිසිවකුත් පෙනෙනා තෙක් මානයක නැත.
 
 කලබල මුහුණින් ශාලාව තුළ එහෙ මෙහෙ යන්නේ කොන්සට් එකේ අමුත්තන්ම පමණයි.
 
 ‘‘…අන්න ඒ අම්මා නැටුම් කණ්ඩායමට ඇ`දුම් මාරු කරගන්න දීපු චේන්ජින් රූම් එකට එක්කන් ගියා සර්…..
 
 තවත් අම්මා කෙනෙක් මට එහෙම කියාගෙන මාව පසු කරගෙන දුවලා ගියා.
 
 මෙතෙක් වේලා උත්සවයක සිරි අරගෙන තිබුණු තානායමේ අසිරිය එසැණින් සීීසීකඩව ගියේ කෙතරම් ඛේදනීය අයුරින්ද?
 
 මම වහ වහා කාමර කොරිඩෝව දිගේ ඉදිරියට ගියා.
 
 වෙනදා විවාහ උත්සවයකදී මනාල යුවළගේ රූපලාවන්‍ය කටයුතු ස`දහා ලබා දෙන කාමරය අද මොන්ටිසෝරි කොන්සර්ට් එකේ නැටුම් කණ්ඩායමට ලබාදී තිබුණා. මම කාමරය ඉදිරියේ සිටගත්තා.
 
 උත්සවයට පැමිණ සිටි විවිධ වයසේ කාන්තාවන් එහි රොක් වී සිටියා.
 
 ‘‘…. කරුණාකරලා.. අනවශ්‍ය අය එළියට එමුද?…..
 
 මම උස් හ`ඩින් කීවා.
 
 ‘‘…මේ ආවේස වෙච්චි නංගි අපේ ගෙවල් ළ`ග……
 
 ‘‘… කාමර අෙ`ද් දිගා කරවා සිටියේ වයස තිහක පමණ පෙනුමැති පැහැපත් තරුණ කාන්තාවකි. ඇයට සාත්තු කරමින් පවන් සලමින් සිටියේ තවත් එබ`දුම කාන්තාවකි.
 
 ‘‘…මීට මාස තුනකට කලින් මෙයාලාගෙ ගෙදර ඉ`දපු නැන්දා කෙනෙක් අන්තරා වුණා. ඊට පස්සෙ මේ නංගි ආවේස වෙලා වගේ එක එක දේවල් කියවන්න පටන් ගත්තා…..
 
 මම කරවටක් එරී වටපිට බැලූවා.
 
 කාමරයේ ඇ`දුම් රාක්ක මේස පුටු ආදියේ තැනින් තැන එක පොදියට දමා තිබෙන්නේ නැටුම් කණ්ඩායමේ යුවතියන්ගේ ඇ`දුම් පැළ`දුම් ය.
 
 ඒ සියල්ල මේ උත්සවය විචිත‍්‍ර‍්‍රවත් කිරීම උදෙසා ය. එහෙත් දැන් සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ කාරණාවක් නොවේද?
 
 පරල වී සයනයේ වැතිර සිටිනා අම්මා යාන්තමට දෑස් විවර කර සිවිලිම දිහාව බැලූවා.
 
 ‘‘..මෙයා ගිය සතියෙත් අපේ යාලූවෙකුගෙ දානෙ ගෙදරකදි ඒ බෙර සද්දෙටත් ආවේස වුණා සර්…. එදා නම් හැබැයි ටක් ගාලා ඕ.කේ. වුණා…. අදනම් තවම නෝමල් නෑ….
 
 ඇ`ගටම හිර වූ ඩෙනිමකින් සහ ටී ෂර්ටයකින් සැරසුණු තවත් මොන්ටිසෝරි අම්මා කෙනෙකු කට හැඩකර ඔමරි කරමින් කියා සිටියා.
 
 ‘‘…ඔයාලා හරිෂෝක් නේ…. ඇයි ඉතින් ඒ වගේ ලෙඩ මනුස්සයෙක් මේ වගේ තැනකට එක්ක ආවේ…..
 
 ‘‘…කවුද හිතුවෙ සර්… අනික මොන්ටිසෝරි කොන්සර්ට් වල වැඩිපුරම තියෙන්නෙ සින්දුවලට නටන එකනේ… බෙර ගහයි කියලා හිතන්න නැතුව ඇති…..
 
 ඩෙනිම් අම්මා ආයෙමත් කට උල් කර කීවා.
 
 ‘‘…තෙල් ටිකක් මැතිරුවා නම් හරියට හරි සර්… ළ`ග පාතක නැද්ද සර් ඇදුරුකම් කරවා ගන්න දන්න කියන කෙනෙක්…..
 
 පවන් සලමින් සිටින කාන්තාව හිස ඔසවා යටහත් හ`ඩින් ඇසුවා.
 
 මම අන්දමන්දව වටපිට බැලූවා.
 
 ‘‘…අපේ අර මෙහාට නිතර එන අශ්ඨක අංකල්ට නම් පුළුවනි සර්…මට දවසක් කීවා නූල් බ`දින වැඩ එහෙමත් කරනවය කියලා…..
 
 වේටර් මහේෂ් මගේ සහායට ළ`ග ඉ`දන් කීවා.
 
 මහේෂ් ගේ ෆෝන් එකේ තිබූ අංකයට එසැණින් මම අශ්ඨක අංකල්ට ඇමතුමක් ගත්තා.
 
 ‘‘…අශ්ඨක අංකල්…. පොඩි වැඩක් තියෙනවා….‘
 
 ‘‘… අප්පද බොළ… තානායමේ ලොකු මහත්තයා… කියන්න සර්… හැබැයි පී.එච්.අයි. මහත්තුරුන්ගෙන් අවසර නොගෙන නම් වැඩක් බාර ගන්න බෑ සර්…..
 
 ‘‘…නෑ…නෑ… අංකල්්… මේ තෙල් මැතිරිල්ලක්… ආවේස වෙච්චි ආතුරයෙකුට…..
 
 ‘‘…හලෝ… හලෝ… තෙල් මැතිරිල්ලක් කිව්වා… එතකොට මේ තානායමේ මැනේජර් මහත්තයද?… වෙන්න බෑ… නැත්නම් එතුමගෙ නමින් කවුරුහරි ඉලන්දාරියෙක් කරන කොළොප්පමක්ද?….‘
 
 ‘‘…නෑ…නෑ…අංකල් මේ මම… මම…..
 
 මං උස් හ`ඩින් කෑ ගැහුවා.
 
 අවට සිටිය මොන්ටිසෝරි අම්මලා ලෙඩාව අමතක කරලා චිස්… බිස්… ගාලා කටවල් තද කරගෙන හිනා වෙනවා ඇහුණා.
 
 අද මේ මොහොතේ තානායමට පැමිණ සිකුරිටිගෙන් මත්පැන් ගැන විමසන්නේ අන්න ඒ අශ්ඨක අංකල්ය.
 
 එදා ඔහු එසැණින් තානායමට පැමිණ අපට කළ විශේෂ උදව්වට අද මා හට කළ හැකි ප‍්‍රති උපකාරය කුමක්ද? කෝකටත් මම මිදුලට බැස්සා.
 
 
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment