තෙල් සංස්ථාවෙන් රේගුවට කෝටි 300ක පොල්ලක්

215

LIOC පැමිණිල්ල මත විමර්ශනය කිරීමේදී හෙළිවෙයි

තෙල් ඒකාධිකාරය IOC‍ ය ගන්න හදනවා

– වෘත්තීය සමිති චෝදනා කරයි


ඉකුත් කාලයේදී තෙල් සංස්ථාව (සිපෙට්කො) මෙරටට ගෙනා ඉන්ධන වෙනුවෙන් ශ‍්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු රුපියල් කෝටි 300 ක් (මිලියන 3000)  ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා රේගුව සිදුකළ විමර්ශනයකදී හෙළිවී තිබේ.

ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC)  ශ‍්‍රී ලංකා රේගුවට සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදුකර තිබෙන අතර එහිදී හෙළිවී ඇත්තේ තෙල් සංස්ථාව (සිපෙට්කො) ඉකුත් කාලයේදී මෙරටට ගෙනා ඉන්්ධන වෙනුවෙන් ශ‍්‍රී ලංකා රේගුවට ඉහත කී මුදල් නොගෙවා පැහැර හැර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රේගු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) විජිත රවිපි‍්‍රය මහතාගෙන් ‘දිවයින’ ඊයේ (05 වැනිදා) සවස මේ පිළිබ`ද කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ රේගුවට ගෙවිය යුතු එම මුදල් ප‍්‍රමාණය අයකර ගැනීමට ගතහැකි පියවර පිළිබද දැනුම් දෙන ලෙසට එම ලිපිය යොමු කරමින් දැනුම් දුන් බවයි. ශ‍්‍රී ලංකා රේගුවත්, තෙල් සංස්ථාවත් (සිපෙට්කො) රාජ්‍ය ආයතන බැවින් අදාළ මුදල සම්බන්ධව ගතහැකි පියවර කවරේද යන්න දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරියගෙන් ඉල්ලා ඇතැයිද රවිපි‍්‍රය මහතා සඳහන් කළේය.

මෙතෙක් කලක් තෙල් සංස්ථාව මෙරටට ගෙන එන ඉන්ධනවලට රේගුව බදු අයකර ඇත්තේ අදාළ ඉන්ධනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 පදනම් කරගෙනය.

නමුත් ඉන්දියන් තෙල් සමාගම මෙරටට ඉන්ධන ගෙන ඒමේදී ඒ වෙනුවෙන් බදු අයකර ඇත්තේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-30 පදනම් කරගෙනය. එය තාක්‍ෂණික ක‍්‍රමවේදයකි.

මෙම ක‍්‍රමවේද දෙක සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ඉන්දියන් තෙල් සමාගම ශ‍්‍රී ලංකා රේගුවට මීට මාස කිහිපයකට පෙර පැමිණිලි කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා රේගුව මේ පිළිබද තාක්‍ෂණික විමර්ශනයක් සිදුකර තිබේ.

එම විමර්ශන වාර්තාවට අනුව මෙතෙක් කලක් තෙල් සංස්ථාව මෙරටට ඉන්ධන ගෙනැවිත් ඇත්තේ රේගුවට ගෙවිය යුතු නියමිත බදු මුදල් නොවන බවට හෙළිවී ඇත. ඒ අනුව සිදු කළ ගණනය කිරීමේදී තෙල් සංස්ථාව ශ‍්‍රී ලංකා රේගුවට නොගෙවා පැහැර හැර ඇති රේගු බදු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි 300 ක් යැයි තහවුරුවී ඇත. ශ‍්‍රී ලංකා රේගුව මේ මුදල් පිළිබ`ද සඳහන් ලිපිය බලශක්ති අමාත්‍යාංශයට යොමුකර ඇත්තේ ඒ අනුවය.

ඉන්දීය තෙල් සමාගම  (IOC) ය මෙවැනි උපක‍්‍රම භාවිත කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කො) තවදුරටත් මූල්‍ය අර්බුදයක හිරකර මෙරට තෙල් ඒකාධිකාරියට පාර කපා ගැනීමට මෙම සැලසුම් කි‍්‍රයාත්මක කරන බවට වෘත්තීය සමිති චෝදනා කරයි. රේගු බදු පැහැර හැරීමට අදාළව සොයා බලන තැනට පැමිණිල්ලක් කළේ එකී සැලසුමට අනුව යැයි ද වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment