තෙල් සංස්ථාව තවමත් පාඩුයි

111

 බොර තෙල් වැඩි මිලට ගෙන අඩු මිලට ලබාදීම, ඩොලර්වලින් ණය ගෙන තිබීම සහ රුපියල පිරිහීම හේතුකොට ගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවමත් අලාභ ලබන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා* කීය. 04 – පිිටුවට
 
 ඒ අනුව ඞීසල් ලීටරයකින් තවමත් රුපියල් 07 ක් පාඩු ලබන බවත් භූමිතෙල් සහ විදුලි බල මණ්ඩලයට ලබා දෙනු ලබන දැවි තෙල් ලීටරයකට රුපියල් 105ක් වැනි පිරිවැයක් දරන්නට සිදුව ඇති බවත් විපක්‍ෂ මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම කීය.
 
 කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉන්ධන මිල අඩුම රටක් බවත් එය පකිස්තානයට පමණක් දෙවැනි වන බවත් ලෝකයෙන්ම ගතහොත් අඩුම මිලකට ඉන්ධන ලබා දෙන රටක් ලෙස ශ‍්‍රී ලංකාව පිළිගැනෙන බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment