තෙහෙරික් ලබ්බයික් සහ පාකිස්තානයේ ආගමික උන්මාදය

439

ප‍්‍රියන්ත කුමාරට බොරු චෝදනාවක් නඟා ඝාතනය කළා – පකිස්තාන් මානව හිමිකම් ක‍්‍රියාකාරී මෙහෙනාස් රහමන් පාකිස්තානයේ පි‍්‍රයන්ත කුමාර නැමැති ශ‍්‍රී ලාංකීය කම්හල් කළමණාකරු බිහිසුණු අයුරින් ඝාතනය කිරීමේ සැකකරුවන් අතර තෙහෙරික් ලබ්බයික් නැමැති උග‍්‍ර අන්තවාදී සංවිධානයේ කි‍්‍රයාකාරීන්ද සිටින බව අනාවරණය විය.

මේ බිහිසුණු සංවිධානය පකිස්තාන් රජයටද අභියෝගයක් විය. මෙහි දැක්වෙන්නේ ඔවුන් සිදුකළ කි‍්‍රයාදාමයන්ය.

  1. පාකිස්තාන් නීති සහ අධිකරණ ඇමැති සහිද් හමිද්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස මරණ තර්ජන එල්ල කිරීම.
  2. 2018 මැයි මස අභ්‍යන්තර කටයුතු ඇමැති අස්සන් ඉක්බාල්ට වෙඩි තැබීම.
  3. 2019 මාර්තු මහාචාර්ය කාහලිද්් හමීඞ්ට පිහියෙන් ඇනීම.
  4. පන්ජාබ් ආණ්ඩුකාර සල්මාන් ටසීර්ට වෙඩිතබා මරාදැමීම

මේ සඳහා ඔහුගේ අරක්‍ෂක පොලිස් භටයකු යොදාගෙන තිබුණි. ආණ්ඩුකාරවරයා මරාදැමීමට හේතුවූයේ ආගමට අපහාස කළ බව දක්වමින් අත්අඩංගුවට ගෙනසිටි අසියා බිබි නැමැති කි‍්‍රස්තියානි කාන්තාවට සහය දැක්වීමයි. ඇයට එල්ල කළ ඇත්තේ බොරු චෝදනාවක් නිසා අධිකරණය ඉදිරියේ ඒබව හෙළි වුණත් ඇය වරදකරු විය.

තෙහෙරික් ලබ්බයික් සහ පාකිස්තානයේ ආගමික උන්මාදය
සුළු වේලාවක් තුළ විශාල පිරිසක් ඒකරාශිවීම තුළින්
පි‍්‍රයන්ත කුමාර ඝාතනය සැලසුමක් බව සනාථ නොවන්නේද?

මාධ්‍යවේදී කුර්ෂිද් නදිම් පැවසුවේ ඔවුන්ට ඝාතන සිදුකිරීමට හැකි බව ටී. එල්. පී හෙවත් තෙහෙරික් ලබ්බයික් සංවිධානය පෙන්නුම් කරන බවයි. පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට තම ආධාරකරුවන් කැඳවා මහාමාර්ගය අවහිර කළ මේ අන්තවාදී පක්‍ෂය පුද්ගලික සහ දේශපාලන ආරවුල් සඳහා ද ඉස්ලාම් දහමට අවමන් කළ බවට දැක්වෙන ලේබලය ජනතාව හමුවට ඉදිරිපත් කරනු ලැබීය. ඉස්ලාම් දහමට අපහාස කිරීම මරණ දඬුවමට හිමිවන නීතියකි. මේ ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ප‍්‍රංශ ජනපති එමානුවෙල් මාර්කොන් කළ ප‍්‍රකාශය නිසා පාකිස්තානයේ ප‍්‍රංශ තානාපතිව රටින් පිටුවහල් කරන ලෙස එකී සංවිධානය රජයට බලපෑම් කරනු ලැබීය.

2018 වසරේදී රජයේ නියෝගය මත පාකිස්තාන් පොලිසිය තෙහෙරික් ලබ්බායික් සංවිධානයේ නායක හුසෙන් රිස්වි ඇතුළු සාමාජිකයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සංවිධානයට ජනතාව තුළ ඇති අකැමැත්ත නිසා පන්ජාබ් මන්ත‍්‍රණ සභාවේ හෝ ජාතික මන්ත‍්‍රණ සභාවේ කිසිදු ආයතනයක් හිමිවූයේ නැත.

මේ වසරේ පොලිසිය සහ තෙහෙරික් සංවිධානයේ කි‍්‍රයාකාරීන් අතරවූ ගැටමකින් පොලිස් භටයන් තිදෙනකුද මරුමුවට පත්වූහ.

පාකිස්තානය තුළ සිදුකරන කඩාකප්පල්කාරී කි‍්‍රයා නිසා මේ වසරේදී පාකිස්තාන් රජය තෙහෙරික් පක්‍ෂයට හිස නැමූ අතර එහි තහනම ද ඉවත් කෙරුණි. තෙහෙරික් සංවිධානය සහ රජය අතර වූ ගිවිසුමද හෙළි වූයේ නැත.

මේ අතර 1990 සිට පාකිස්තානය තුළ ආගමට අපහාස කළ බව කියන සිදුවීම්වලදී 77 ක් ඝාතනය වී ඇත.

එසේම පාකිස්තාන් මාධ්‍ය හෙළි කළේ පසුගිය කාලය තුළ ඉස්ලාම් ආගමට අවමන් කිරීමේ චෝදනා 30 ක් වාර්තා වූ බවයි.

කිසියම් ආගමකට අපහාස කිරීමට ආගමික පාර්ශ්වවලට හිමිකමක් නැත.

එහෙත් පාකිස්තානයේ සිදුවීම්වලදී බොරු චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වී තිබේ.

මෙහි දැක්වෙන්නේ ඊට නිදසුන්ය.

  1. 2021 ලාහෝර් අධිකරණය සල්මා ටන්වීර් නැමැති විදුහල්පතිනිය ඉස්ලාම් ආගමට අපහාස කිරීම ගැන වරදකරුකර මරණ දඬුවම නියම කර ඇත.
  2. 2020 සැප්තැම්බර් මස එම ලාහෝර් අධිකරණයම අසීස් පෙරවාස් නැමැත්තාට ද මරණ දඬුවම නියම කෙරුණි.
  3. 2020 ජුනි මස මහාචාර්ය අබ්දුල් ලතින්ද ඉස්ලාම් දහමට අපහාස කළ බව පවසමින් අත්අඩංගුවට ගැනුණි.
  4. 2019 ජුනයිද් හසීස් නැමැති කථිකාචාර්යවරයාට මරණ දඬුවම නියම විය.
  5. 2017 ජුලි මස පයිසාල් මහමුද් නැමැත්තාටද මරණ දඬුවම නියම කෙරුණි.
  6. 2014 දී මොහොමඞ් අන්සාර් නැමැති බි‍්‍රතාන්‍ය ජාතිකයාටද එම චෝදනාව එල්ල වී මරණ දඬුවම නියම විය.
  7. 2011 දී මොහමඞ් අජ්මාද් නැමැත්තාටද එකී අවමන් කිරීමේ චෝදනාව එල්ල වූ අතර ඔහු අතුරුදන් විය.
  8. 2016 නොවැම්බර් මස ආෂියා බිබි නැමැති කාන්තාවට මරණ දඬුවම නියම වූ අතර රජය ඇයව නිදහස් කළේය.

මේ හැර ඉස්ලාම් ආගමට අවමන් කිරීමේ නීතියට ගොදුරු වූවෝ රැසකි.

මෙම දරුණු නීතිය ඉවත්කිරීමට රජයට අවශ්‍ය වුවත් අන්තවාදීන් නිසා නොහැකිවී ඇත.

මෙලෙස පාකිස්තානය තුළ අන්තවාදය ඇතිවීමට බලපෑවේ හිටපු ජනපති සියාඋල්හක් අනුගමනය කළ පිළිවෙතකි.

ඔහු මද්‍රසා පාසල් බිහිකිරීමට ඉඩදුන්නේ සිය පැවැත්ම උදෙසායි.

පාකිස්තාන් තලෙයිබාන් බිහිවූයේ සියාඋල්හක් නිසාය. එහෙත් මෙම අතීතය බොහෝ පාර්ශ්වවලට අමතක වී තිබේ.

මේ පසුබිම මැද මෙරටද ෂරියා නීතිය කි‍්‍රයාත්මක කිරීමට අන්තවාදී පාර්ශ්වවලට අවශ්‍ය විය.

එසේම පාකිස්තානයේදී ඝාතනය වූ පි‍්‍රයන්ත කුමාර ඝාතනය සිරියානු ගුවන් නියමුවකුට පහරදී යකඩ කූඩුවක දමා පණපිටින් ගිනි තැබීමේ සිද්ධියට සමානය.

මෙයට පෙර තිබූ නවාස් ෂරිප් රජය තෙහෙරික් ලබ්බයික් පක්‍ෂයේ කි‍්‍රයාකාරියකුවූ මුට්ටාස් කුබ්රි නැමැති පොලිස් භටයා එල්ලා මරාදැමීම වැළැක්වූයේ නැත.

එම පොලිස් භටයාට එල්ල වී තිබූ චෝදනාව වූයේ පන්ජාබ් ආණ්ඩුකාර ටසීර් ඝාතනය කිරීමයි.

මේ අතර ඉම්රාන් ඛාන් රජය තෙහෙරික් සංවිධානය සමඟ අත්සන් කළ සාම ගිවිසුමට මූලික වූයේ අයි. එස්. අයි බුද්ධි සේවාවේ ත‍්‍රස්ත මර්දන ඒකකයේ ප‍්‍රධානී ජායිස් හමීට් නමින් බව හෙළිවිය.

පාකිස්තාන් මානව හිමිකම් කි‍්‍රයාකාරි මෙහේනාස් රහමන් පි‍්‍රයන්ත කුමාර සිද්ධිය පිළිබ`දව පැවසුවේ ඉස්ලාම් ධර්මයට අවමන් කළ බවට බොරු චෝදනා එල්ල කර ප‍්‍රියන්ත කුමාර ඝාතනය කර ඇති බවයි.

මේ අතර පාකිස්තානයේ මෙම අන්තවාදී ආගමික උන්මාදය කවදා නතර වෙයිද කිව නොහැක.

අන්තවාදී සංවිධාන රටේ සිවිල් පාලනයට අභියෝග කරන බව අගමැති ඉම්රාන් ඛාන්ටද තහවුරු වී ඇත. එහෙත් ඔහුට එය මර්දනය කළ හැකිද? කළමණාකරු පි‍්‍රයන්ත කුමාර ඝාතනය වූයේ ඉස්ලාම් දහමට ඔහු අවමන් කළ බව කියන බොරු සිද්ධියක් නිසා බව පාකිස්තාන් බලධාරීහු දනී. එහෙත් ආගමික උන්මාදය බරපතළ ලෙස ව්‍යාප්ත වී තිබීම පාකිස්තාන රජය මුහුණ පා සිටින ප‍්‍රධාන අභියෝගයයි.

තෙහෙරික් ලබ්බයික් අන්තවාදීහු පන්ජාබ් ආණ්ඩුකාරයාගේ ආරක්‍ෂක ඒකකයට තම සඟයෙක්් ඇතුළු කළා නම් ඉම්රාන් ඛාන්ගේ ආරක්‍ෂක බළමුළුවට එවැනි අන්තවාදියකු යොමු කිරීමේ ඉඩ කඩ තිබේ.

ඊට හො`දම නිදසුන ඉන්දිරා ගාන්ධිගේ ආරක්‍ෂක ඒකකයට ඇතුළුවී සිටි සීක් අන්තවාදීන්ය.

මේ අතර පි‍්‍රයන්ත කුමාර ඝාතනයට සම්බන්ධ තෙහෙරික් ලබ්බයික් ත‍්‍රස්තයන්ට ත‍්‍රස්ත මර්දන පනත යටතේ දඬුවම් කළත් එම දඬුවම් කි‍්‍රයාත්මක කිරීමට එකී අන්තවාදී සංවිධානය ඉඩ දෙයිද?

අගමැති ඉම්රාන් ඛාන් හමුවේ ඇති විශාලතම අභියෝගය විය.

තෙහෙරික් ලබ්බයික් සංවිධානය සිය අනුගාමිකයන් වීථිවලට යොමු කිරීමේ හැකියාව රජයට පෙන්නුම් කර ඇත.

මේ අතර පාකිස්තාන් ආරක්‍ෂක ඇමැති කර්තක් මෑතකදී පි‍්‍රයන්ත කුමාර ඝාතනය සාධාරණීකරණය කිරීම ගැන එරට ඩෝන් පුවත්පත දැඩි විවේචනයට ලක්කර තිබේ.

එසේ මින්මතු පැමිණිලිකරුවන්ට විනිසුරන් සහ අළුගෝසුවන් ලෙස කටයුතු කිරීමට ඉඩනොදෙන බව අගමැති ඉම්රාන් ඛාන් තරයේ ප‍්‍රකාශ කර ඇත.

මෙවන් පසුබිමක් මැද ප‍්‍රියන්ත කුමාර ඝාතනය ඇෆ්ගනිස්තානයේ තාලිබාන් සංවිධානයේ මෙහෙයුමක් බවට ප‍්‍රචාරයක් දියත්ව ඇත. එහෙත් බලගතු අයි එස් අයි බුද්ධි සේවාව හෝ පකිස්තාන් මාධ්‍ය මේ දක්වාම එම තාලිබාන් සම්බන්ධය ගැන තොරතුරු හෙළි කර නැත.

මේ තත්ත්වය මත පාස්කු ප‍්‍රහාරයට ගොදුරුවූ ශ‍්‍රී ලංකාව මෙරට සිටින අන්තවාදීන් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment