තේරීම් නිලධාරීන්ට මැකො එන්න කියයි

68

ජනාධිපතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම ඉදිරි දින කිහිපයේදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමට නියමිතය. රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී මෙම හමුවීම පැවැත්වෙනු ඇත.

මැතිවරණ නිලධාරීන් හමුවීමෙන් පසුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කොමිසම රාජ්‍ය නිලධාරීන් හා පක්ෂ ලේකම්වරුන් ලබන සතියේ හමුවන්නේ ප්‍රථම වතාවටය.

රනිල් ධර්මසේන


advertistmentadvertistment