තේවත්තේ අප ලංකා ස්වාමිදූගේ මංගල්‍යය 4 හා 5

113

රාගම තේවත්තේ අප ලංකා ස්වාමිදූගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පෙබරවාරි මස 04 සහ 05 යන දිනවල පැවැත්වේ. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මඟපෙන්වීම ඇතිව සිද්ධස්ථාන පරිපාලක ජූඩ් ශ්‍රියානන්ද ප්‍රනාන්දු පියතුමන් විසින් මෙම මංගල්‍යය සංවිධානය කෙරේ.

ජනවාරි මස 27 දින සිට පෙබරවාරි 03 වැනිදා දක්වා මංගල්‍යයට සූදානම් වීමේ නොවාන පැවැත්වේ. ඒවා පිළිවෙළින් තේවත්ත, කඳාන, වත්තල හා මාබෝල කඩවත, කුරුකුලාව හා කිරිමැටියාගාර, මත්තුමගල, බොල්ලත, නාගොඩ යන මීසම්වල මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.

පෙබරවාරි මස 04 සෙනසුරාදා ප. ව. 6.30ට සන්ධ්‍යා මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එය සංවිධානය රාගම මීසම මගින් සිදුකෙරේ. පෙබරවාරි මස 05 වන ඉරුදින උදේ 7.30 ට මංගල්‍යය මහා දිව්‍ය පූජාව කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. එදින උදේ 11 ට සහ සවස 5 ට සිංහල බසින් ද, ප. ව. 12.15 ට දමිළ බසින් ද, සවස 6.00ට ඉංග්‍රීසි බසින් ද දිව්‍ය පූජාවන් පැවැත්වේ.

● සී.ආර්. ඩික්ෂන් ඇන්තනී


advertistmentadvertistment