තේ කර්මාන්තයේ දියුණුවට පංච – වාර්ෂික තේ ක්‍රමෝපාය සකස් කරගැනීම අප සතු වගකීමක්

19

ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2022 සැප්තැම්බර් 09 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ‘ඕක් රූම්’ හිදී පැවැත්විණි. COVID-19 රෝග ව්‍යාප්තියෙන් පසුව ප්‍රථම වරට සාමාන්‍ය පරිදි පවත්වන ලද මෙම රැස්වීමෙහි තේමාව වූයේ “The Challenge of Change” යන්නයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද, ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාද සහභාගි වූහ.

“තේ කර්මාන්තයේ වෙනස්කම් සම්බන්ධ අභියෝග” යන මැයෙන් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥ, සමාජ විද්‍යාඥ සහ රොටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සමාජ අධ්‍යයන ආයතනයේ (The Hague) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය හවර්ඩ් නිකලස් විසිනි.

මෙහිදී 2022/2023 කාලසීමාව සඳහා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස, Eswaran Brothers Exports සමාගමේ සභාපති ගනේෂ් දේවනායගම් මහතා තෝරා පත්කර ගන්නා ලදී. මීට පෙර සංජය හේරත් මහතා 2019 සිට 2022 දක්වා වසර 3 ක කාලයක් සංගමයේ සභාපති ලෙස කටයුතු කළේ ය.

මෙහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේදී වැඩිම තේ ප්‍රමාණයක් නිෂ්පාදනය කළේ 2013 වසරේදී. එහෙත් මෑත කාලයේදී චීනය, ඉන්දියාව සහ කෙන්යාව අප පසුකර ගොස් තිබෙනවා. මේ වනවිට අපට ප්‍රමාණාත්මකව හිමි වී ඇත්තේ සිව්වැනි ස්ථානයයි. කෙසේ නමුත් තවමත් ශ්‍රී ලංකාවේ තේ ඉහළම ප්‍රමිතියෙන් යුතු තේ ලෙස සැලකෙනවා. මෙම වසරේ ජූලි මාසය අග වන විට පැවති තත්ත්වය සලකා බැලූ විට, තේ නිෂ්පාදනය 2021 වසරේ අදාළ කාලසීමාවට වඩා කිලෝග්‍රෑම් මිලියන 20 කින් පහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත් අපගේ අපනයන ආදායම පහළ ගොස් නැහැ. “ලංකා තේ වලට විකල්පයක් නොමැති බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. තේ කර්මාන්තය දියුණු කිරීම සඳහා පංච – වාර්ෂික තේ ක්‍රමෝපාය සහ CTRM 2030 එක්තැන් කරමින් පැහැදිලි සැලසුමක් සකස් කරගැනීම අප සතු වගකීමක්. එමෙන්ම තේ අපනයනකරුවන්ගේ සංගමය ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහනේ සාර්ථකත්වය අගය කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. ශ්‍රී ලංකාවේ වතුකරයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙම වැඩසටහන මගින් ලබාදෙන වාර්ෂික දායකත්වය රුපියල් මිලියනයක්.” ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවසී ය.

advertistmentadvertistment
advertistmentadvertistment