තේ හා රබර් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම ආදායම ලැබුණා – ඇමැති රමේෂ් පතිරණ  

347

තේ හා රබර් අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මෙම වර්ෂයේදී ලබන බව වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තේ හා රබර් වගා බිම් ප‍්‍රමාණය වැඩිකිරීමටත් වැඩි පළදාවක් ලබා ගැනීමටත් අවශ්‍ය සියලූ රාජ්‍ය සහාය හා සහනාධාර ලබාදෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (22 දා) පෙරවරු 10.00 ට රැුස්විණි.

නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත‍්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව 27 (2) යටතේ ප‍්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව දිනට නියමිතවූ නිෂ්පාදන ද්‍රව්‍ය තැරැුව්කරුවන්ට බලපත‍්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ විවාදය ඇරඹිනි.

විවාදය ආරම්භ කරමින් වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා – 2021 වසර වැවිලි කර්මාන්තයට අභියෝගාත්මක වුණා. ඒ පොහොර ගැටලූව නිසා. එහෙත් 2021 වසරේදී රටේ වැඩිම අපනයන ආදායම තේ, රබර් වලින් ලැබුවා. ඩොලර් බිලියන 05 කින් ඉදිරි වසර තවත් වැඩි වෙනවා.

දැන් වෙළෙඳපොළ තුළ පොහොර සුලභ වුවත් මිල ඉහළයි. ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි මිල ඉහළ යාමයි. අපේ‍්‍රල් මාසයෙන් පසුව පොහොර මිල අඩු වෙතැයි සිතනවා.

තේ නිෂ්පාදනය ගිය වසරේ වැඩි වී තිබෙනවා. පොහොර වැඩිම ආනයනය කර ඇත්තේ 2020 දී. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හරහා තේවලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට අපි ක‍්‍රියාකර තිබෙනවා. ඩොලමයිට්, ෂල්පේට් හා අවශ්‍ය යෙදුම් ලබා දෙනවා. ජල පැපයුම වෙනුවෙන් සහනාධාරයක් ලබා දෙනවා. සියයට 4 ණය පහසුකම් ලබා දෙනවා. මේ වසරේ තේ නිෂ්පාදනයේ පුනර්ජීවය වෙනුවෙන් තේ පැළ හා කොම්පෝස්ට් ලබා දීමටත් අනිකුත් පහසුකම් නොමිලේ ලබාදීමට පියවර ගන්නවා.

කිලෝ මිලියන 300 ක් වසර දහයක් පුරා වාර්ෂිකව ලැබුවා. ඉදිරියේදී ඒ අස්වැන්න වැඩි කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. පාංශු සංරක්‍ෂණ ක‍්‍රමයද කළ යුතුයි.

ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300 දක්වා වැඩිකිරීමට සහාය වූ සියලූ දෙනාට ස්තුති කරනවා.

අපි සද්භාවයෙන් වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් දහස කිරීමට පියවර ගත්තා. ඒත් වතු සමාගම් එකඟ නැහැ. නඩු පවතිනවා. අපි ඉදිරියේදී ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් කැප වෙනවා.

දළු අස්වැන්න වැඩිකර ගෙන තේ කර්මාන්තයේ හොඳම යුගය ඇතිකිරීමට අපි පියවර ගන්නවා.

රබර් කර්මාන්තය අපි එන විට මියයමින් තිබුණේ. දැන් ඊට හොඳ මිලක් පවතිනවා. රබර් ආශ‍්‍රිත කර්මාන්ත රටේ ඇති වෙමින් පවතිනවා. ප‍්‍රධාන ටයර් කර්මාන්ත ශාලා ඇති වෙමින් පවතිනවා. මේ නිසා ඉතිහාසයේ වැඩිම තේ පොල් රබර් අපනයන ආදායම ලැබීමට 2022 වසරේදීත් පියවර ගන්නවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment