සරුසාර අස්වැන්නක් ලබාදීම නිමිත්තෙන් ඒ අස්වැන්නෙන් කොටසක් සූර්ය දිව්‍ය රාජයාණන්ට පූජා කිරීම අරමුණු කර ගත් තෛපොංගල් උළෙල ලෝකවාසි හින්දු බැතිමත්හු ඊයේ (14 දා) සැමරූහ.
කොළඹ 13, කොච්චිකඬේ පොන්නම්බලවානේස්වර් කෝවිලේදී එම කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති, හිටපු අමාත්‍ය, නීතිඥ ඞී. එම්. ස්වාමිනාදන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම උළෙල ඊයේ (14 දා) පැවැත්වුණි.
පොන්නම්බලවානේස්වර් කෝවිලේ ප‍්‍රධාන කුරුක්කල් සිවශී‍්‍ර සුරේන්ද්‍රතුමන්ගේ උපදෙස් මත පැවැති මෙම උළෙලේදී සශී‍්‍රකත්වය සංකේතවත් කළ ‘පොංගලය’ සැකසීමට බැතිමත්හු එක්වූහ.
ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ