ලෙබනනයේ සහ සිරියාවේ පවතින ගැටුම් නිසා නැවත දැනුම් දෙන තුරු එම රටවල සංචාරය නොකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී සිටී.
දැනට එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ඩැමස්කස්හි කොන්සල් ජනරාල් කාර්යාලය වෙත ගොස් අවශ්‍ය ආරක්ෂක උපදෙස් ලබා ගන්නා ලෙස ද සඳහන් කරයි. ඒ සඳහා [email protected] හෝ හදිසි දුරකථන අංක 0094 771102510 මගින් සනත් බාලසූරිය, 0094 718381581 මගින් ප්‍රියංගනී දිසානායක, 00961 81485809 මගින් ෆහඩ් හව්වා සහ ඩැමස්කස් කොන්සල් ජනරාල් ආචාර්ය අලි ඩෘබී ඇමැතිය හැකි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට අමතරව [email protected] සහ දුරකථන අංක 00963 944499666, 00963 933858803 භාවිත කරන ලෙස ද ඉල්ලා සිටී.
උපාලි ද සේරම්