පාරට වැටුණු දෙදෙනා බස් රථයටම යටවෙලා
කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ වරකාපොල තෝලංගමුව ප්රදේශයේ පෙරේදා (11දා) රාත්රියේ යතුරුපැදියක් හා බස්රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මරණයට පත්වී ඇති බව වරකාපොල පොලිසිය පවසයි.
32/ 8 මාතලේ, ගනේපොල පදිංවිකරුවකු වන ජයකොඩි ආරච්චිලාගේ සරත් කුමාර නම් 43 හැවිරිදි අයෙකු හා කෑගල්ල, දෙබත්ගම පදිංචිකරුවකු වන හෙට්ටිආරච්චිලාගේ ප්රදීප් සංජීව හෙට්ටිආරච්චි නමැති 37 හැවිරිදි දෙදෙනා මෙසේ මරණයට පත්වී ඇත.
නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදිය පිටුපසින් පැමිණි සුඛෝපභෝගි බස් රථය එහි ගැටී තිබේ. යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා මාර්ගයේ විරුද්ධ දෙසට විසිවී එම බස්රථයටම යට වී තිබේ. පසුව වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොවුන් දෙදෙනා මියගොස් ඇත.
වරකාපොල පොලිසිය පවසන්නේ අපරීක්ෂාකාරීව බස් රථය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බවයි. බස් රථයේ රියැදුරු වරකාපොල වරකාපොල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වරකාපොල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො. ප. රංජිත්, උ.පො.ප. චන්දන , පො.සැ. (48589) උපාලි සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වරකාපොල – සරත් ආනන්ද ලියනගේ