ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අදාලව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් පත්කර ඇත.1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින ්මෙම උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.
මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැුඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කෙරේ.