ත‍්‍රස්තවාදීන් 7000ක් මුදාහැරියොත් තෙමසක සටන් විරාමයට

466

අත්අඩංගුවේ සිටින ත‍්‍රස්තවාදීන් 70000ක් මුදාහරින්නේ නම් තෙමසක සටන් විරාමයක් කි‍්‍රයාත්මක කරන බව තලිබාන් සංවිධානය ප‍්‍රකාශ කර ඇත. ඇෆ්ගනිස්තානයේ සියයට 85 ක ප‍්‍රදේශය තලිබාන් සංවිධානය යටතේ පවතින බවද එම සංවිධානය හෙළිකර තිබේ. එසේම එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්තවාදී නාමලේඛනයෙන් තලිබාන් සංවිධානය අහෝසි කළ යුතු යැයි ද එකී සංවිධානය ඉල්ලා ඇත.
 
 පසුගිය වසරේදී ඇෆ්ගන් රජය තලිබාන් ත‍්‍රස්තවාදීන් 5000ක් මුදාහැර තිබිණි. මේ අතර තලිබාන් ත‍්‍රස්තයන් කාබුල් අගනුවරට ඒම ව්‍යර්ථ කිරීම සඳහා ඇෆ්ගන් හමුදාව දැඩි උත්සාහයක නිරත වී සිටිති.
 


advertistmentadvertistment