ත‍්‍රස්ත පනත ගැන ජිනීවාට යළි කියනවා – සුමන්තිරන් කියයි

219

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ සංශෝධනයකට යායුතු බවට ජිනීවා මානව හිමිකම් කොමිසම පෙර කළ යෝජනා මෙතෙක් ක‍්‍රියාත්මක නොවීම ගැන හෙට (28 දා) දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යළි අවධාරණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසති.

දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින දෙමළ සිරකරුවන් එසේ තබා ගැනීමට ඉඩ ලැබී ඇත්තේ ඉහත පනත නිසා බවද ඔහු කීය. අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියේදීත් එහි රඳවා සිටින කිහිප දෙනකු ඉකුත්දා පීඩනයකට ලක්වූ බවද සමහරුන්ට නඩු පැවරීමක් හෝ කර නැති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment