ත‍්‍රස්ත මර්දන පනත යටතේ උසාවියට නොපමුණුවා අත්අඩංගුවට ගන්න විධායකයට බලය දෙනු එපා

229

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය විදේශ ඇමැතිට ලියයි

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ නැති අය අත්අඩංගුවට ගැනීම සඳහා විධායකයට බලය ලැබෙන ත‍්‍රස්ත මර්දන පනතේ වගන්ති සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීමට කටයුතු කළ යුතු යැයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය රජයට යෝජනා කර ඇත. විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස් මහතා වෙත ලිපියක් යවමින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ත‍්‍රස්ත මර්දන පණතේ වගන්ති කීපයක් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කර තිබේ.

මේ හැර පැය 72 ක කාලයකට රැුඳවුම්භාරයේ සිටින අයකුගේ කාලසීමාව ඉන්මවීමෙන් පසු මහෙස්ත‍්‍රාත්වරයකු හමුවට පමුණුවන්නේ නැතිව රැුඳවුම් කාලය දීර්ඝ නොකළ යුතු බවද නීතිඥ සංගමය ත‍්‍රස්ත මර්දන පනතට අදාළ වගන්ති ගැන සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් තවදුරටත් දන්වා ඇත.

ත‍්‍රස්ත මර්දන පනත යටතේ රැුඳවුම්භාරයේ සිටින රැුඳවියන් ගැන අධිකරණ නිරීක්‍ෂණයක් සිදු වී නැතැයි කියා සිටින නීතිඥ සංගමය වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට හෝ පරීක්‍ෂා කිරීම සඳහා විධායකයට ලැබෙන බලය දැක්වෙන වගන්තිද අහෝසි කළ යුතු බව කියා සිටී.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් රජිව් අමරසූරිය සහ සභාපති සාලිය පීරිස් යන මහත්වරු මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. මේ හැර සැකකරුවකු රඳවා ගැනීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයාට ඇති බලය සංශෝධනය කළ යුතු අතර එය කළ යුත්තේ නීතිපති උපදෙස් මත මහාධිකරණය විසින් බවද නීතිඥ සංගමයේ නිර්දේශවල වැඩිදුරටත් සඳහන් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment