ථෙරවාදී ලෝකයට දායාද කරන බොදු උරුමය ‘සඳහිරු සෑය’

217

21 වැනි සියවසේ ඉදිවන ලොකුම චෛත්‍යය ‘සඳහිරු සෑය’ බව අවිවාදිතය. මෙය අපේ රටේ ජාතික වීරයන්ට කළ හැකි හොඳම උපහාරය බවත් අනිවාර්යයෙන් ස`දහන් කළ හැකිය. යුද්ධයේ දී මියගිය 27, 000ක් වූ රණවිරුවන් අතුරුදන් වූ 4500ක්, ආබාධිත වූ 37000ක පිරිසක්, එම යුගයේ ජන නායකයන් හා ඊට කැපවූ සියලූ ජනතාව සිහිකිරීම උදෙසා සඳහිරු සෑය ඉදිකෙරිණි. සිංහල ඉතිහාසයේ ථූප වංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් පාදමේ සිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් කිරීමේ කර්මාන්තයක් අනුරාධපුර – පොළොන්නරු යුගයෙන් පසු සිදුකෙරී නැත. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය ආදී මහා චෛත්‍යය ඉදිකර ඇත්තේ අනුරපුර යුගයේදීය. ඊට පසු පොළොන්නරුවේ රන්කොත් වෙහෙර හා කිරිවෙහෙර ඉදිවී ඇත. ඊට පසු රට පුරා විවිධ ප‍්‍රමාණයේ චෛත්‍ය ඉදි වුවත් සඳහිරු සෑය තරම් විශාලත්වයෙන් යුත් සර්වඥ ධාතූන් නිධන් කරන පාදමේ සිට ඉදිකරන චෛත්‍යයක් වසර 1600 කින් මෙපිට මෙරට ඉදිවී නැති බව පුරාවිද්‍යාඥයෝ පවසති.

 චෛත්‍යයට හෙවත් දාගැබට වැඳීම දෙයාකාරයකින් කළ හැකි ය. චෛත්‍යවල තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇත්තේය. තථාගත ශරීරයේ කොටස් වන ඒ ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලෙසම සලකා ඒවා ඇති චෛත්‍යයට බුදුන්ට වඳින ලෙසම වැඳිය හැකිය. පිදිය හැකිය. එසේ වඳින කල්හි බුදුරදුන්ට වඳින ගාථා කියා වැඳිය යුතු බව පුණ්‍යෝපදේශයේ ස`දහන් වේ.

ථෙරවාදී ලෝකයට දායාද කරන බොදු උරුමය ‘සඳහිරු සෑය’

පූජනීය වස්තූන් පිහිටුවා කළ චෛත්‍යයම පූජනීය වස්තුවකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර ශාරීරික ධාතුන් වහන්සේලා පුදනු ලබන සැදැහැවතුන්ට ඒ තුළින් ස්වර්ග මානුෂීය සම්පත් ලැබෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. ”ආනන්දය, චෛත්‍ය වන්දනාවෙහි අවිදින්නා වූ යමක් පහන් සිතින් කලූරිය කෙරෙත් ද ඔවුහු මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදනාහ” යි මහ පිරිනිවන් සුතුරෙහි වදාරා ඇත්තේය. චෛත්‍ය වන්දනාව කරන තැනැත්තන් විසින් බොහෝ පින් සිදුකර ගැනීමට නම් වන්දනා කිරීම් මාත‍්‍රයෙන් නො නැවතී මලසුන් පිරිසිදු කිරීම් ඇමදීම් චෛත්‍ය පිරිසිදු කිරීම් ආදියත් කළ යුතු බව ධර්මයේ ස`දහන් වේ. මේ තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ එකම තැන පිහිටා ඇත්තේ රුවන්වැලි මහා සෑයේ යි. බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අඩු නිසා උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් මිනිසුන්ටත්, දෙවියන්ටත් වැඳ පුදාගෙන සුගති සැප සලසා ගැනීම පිණිසයි ධාතුන් වහන්සේ ඉතිරිවෙන්නේ. ඒ නිසා රුවන්වැලි සෑය වැනි උතුම් ස්ථානවල ධාතුන් වහන්සේ වඳින, පුදන, සත්කාර කරන චිත්තප‍්‍රසාදයෙන් පසුවෙන අයට දෙව්ලොව උපත් හිමි වනබව සඳහන් වේ. එසේනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රන්වැලි මහා සෑයට හෝ වෙනත් ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපවලට වඳින, පුදන, ගෞරව උපහාර කරන පිරිස දෙව්ලොව යති. මේ සියල්ල අප මෙනෙහි කරන්නේ කවර හේතුව නිසාද? ලබන ඉල් පොහෝදා සමස්ත ලෝකයටම දායාද කරන මහා චෛත්‍ය රාජයාණන් ගැන සටහන් කිරීමටය.

 21 වැනි සියවසේ ඉදිවන ලොකුම චෛත්‍යය ‘සඳහිරු සෑය’ බව අවිවාදිතය. මෙය අපේ රටේ ජාතික වීරයන්ට කළ හැකි හොඳම උපහාරය බවත් අනිවාර්යයෙන් ස`දහන් කළ හැකිය. යුද්ධයේ දී මියගිය 27, 000ක් වූ රණවිරුවන් අතුරුදන් වූ 4500ක්, ආබාධිත වූ 37000ක පිරිසක්, එම යුගයේ ජන නායකයන් හා ඊට කැපවූ සියලූ ජනතාව සිහිකිරීම උදෙසා සඳහිරු සෑය ඉදිකෙරිණි. සිංහල ඉතිහාසයේ ථූප වංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් පාදමේ සිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් කිරීමේ කර්මාන්තයක් අනුරාධපුර – පොළොන්නරු යුගයෙන් පසු සිදුකෙරී නැත. රුවන්වැලි සෑය, අභයගිරිය,

 ජේතවනාරාමය, මිරිසවැටිය ආදී මහා චෛත්‍යය ඉදිකර ඇත්තේ අනුරපුර යුගයේදීය. ඊට පසු පොළොන්නරුවේ රන්කොත් වෙහෙර හා කිරිවෙහෙර ඉදිවී ඇත. ඊට පසු රට පුරා විවිධ ප‍්‍රමාණයේ චෛත්‍ය ඉදි වුවත් සඳහිරු සෑය තරම් විශාලත්වයෙන් යුත් සර්වඥ ධාතූන් නිධන් කරන පාදමේ සිට ඉදිකරන චෛත්‍යයක් වසර 1600 කින් මෙපිට මෙරට ඉදිවී නැති බව පුරාවිද්‍යාඥයෝ පවසති.

 ”ඉර හඳ පවතින තාක්කල් සම්බුද්ධ ශාසනය, පවතීවා යන පරම අභිලාෂය සිත්හි තබා ගනිමින් මෙම සඳහිරු සෑය නිර්මාණය කරනු ලැබ ඇත. මේ ස්ථූපය ඉදිවන භූමිය මහමෙව්නා උයනේ ඉපැරණි ගැල් ගාල පිහිටි ස්ථානයේය. එළාර දුටුගැමුණු – රජවරුන් විජිතපුරෙන් අරඹපු යුද්ධය අවසන් වූයේ මේ ඓතිහාසික භූමිය මතයි. අතීතය අනුව යමින් 2009යේ යුද ජය සැමරීමත්, එම යුද්ධයේදී ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලූ දෙනාහට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන, 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහමෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම අරැුඹිණි. 2010 නොවැම්බර් 22 වැනිදා එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර 2014 නොවැම්බර් 23 වැනිදා එහි ගර්භයේ ධාතු නිධන් කිරීම සිදුවිය. රුවන්වැලිසෑය එදත් අදත් අපේ රටේ ලොකුම හා වන්දනීයම ස්තූපයයි. එහි උස අඩි 299 කි. එයට ගරු කිරීමක් ලෙස සඳහිරු සෑය එයට අඩි 18 ක් අඩුවෙන් එනම් අඩි 281 ක් උසින් යුක්තව ඉදිකිරීම කරන ඇත. එසේම මෙහි උස දෙවෙනි වන්නේ රුවන්වැලි මහා සෑය, අභයගිරිය හා ජේතවනාරාමයට පමණක් වීමද විශේෂත්වයකි.

 ‘සඳහිරු සෑය’ චෛත්‍යයේ පළල අඩි 255 කි.

 වට ප‍්‍රමාණය අඩි 801කි. සඳගිරිසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි. වැලි මළුව අක්කර 6 ක් රූඞ්  එකක් හා පර්චස් 30 ක් අයත්වේ. සලපතල මළුව අක්කර 4 ක් හා රූඞ් 2 ක් ආවරණය කරයි. චෛත්‍යයට පමණක් අයිතිවන මුළු භූමි ප‍්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් වෙයි. බුබ්බුලාකාර හැඩයෙන් ඉදිවන සඳහිරු සෑය ඉදිකිරීමට පාදම සකස් කිරීම නවීන තාක්ෂණය අනුව සිදුකෙරී ඇත. ඒ සඳහා මුලින්ම එහි පොළොව මට්ටමේ සිට අඩි 45 ක් පොළොව යටට කළුගල් මෙන් ශක්තිමත් අඩිතාලමක් දමා තිබේ. ඒ අනුව මුලින්ම සෑය ඉදි කරන ප‍්‍රදේශයේ පොළොව යට අඩි 45 ක් පමණ ස්ථිර කළුගල් මතුවන තුරු හාරා ඒ මත කෘතිම කළුගලක් සාදා තිබේ. ධාතු නිධන් කිරීමේදී කිලෝ 8ක දඹ රන්පිළිමයක් නිධන් කරන ලද අතර රත්රන්වලින් සැකසූ බෝධීන් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත‍්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබාදුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි. මුල් සැලැස්ම අනුව මෙම චෛත්‍යයේ වැඩ කටයුතු 2016 දී අවසන් කිරීමට අපේක්ෂා කළත් 2015 පත්වූ යහපාලන රජය මේ චෛත්‍යයේ ඉදිකිරීම් පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. මෙම ධාතු ගර්භයේ නිධන් කිරීමට ලබාදුන් නිධන් වස්තු සෑදූ රත්රන් පිළිබඳව ද අවංක නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කළ බව අපට මතකය. එය සැබවින්ම බෞද්ධ විරෝධීන්ගේ උපදෙස් මත සිදුවූ කුමන්ත‍්‍රණයකි. කවරක් නමුත් වත්මන් ජනපතිතුමා බලයට පත්වීමෙන් පසු මෙහි කටයුතු වේගවත් විය. ඒ අනුව මේ චෛත්‍යය ජාතියට දායාද කිරීම සිදුවන්නේ ලබන ඉල්පොහෝ දිනයේය.

 සතුරා පරාජය කළත් බෞද්ධයන් ජයපැන් බොන්නේ නැත. යුද්ධයෙන් මියගිය සියලූ දෙනා සිහිකරමින්, නොමඟ යැවූ හෝ නොමඟ ගිය සියලූ දෙනා සුමගට ගැනීමට සටනේ පක්ෂ විපක්ෂ භේදයක් නොසලකා මියගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමට කටයුතු කරන මහානීය ආදර්ශ සම්පන්න මනුෂ්‍යත්වයේ සංකේතය බඳු අහස උසට නැගෙන බුද්ධ ස්මාරකයයි සඳහිරු සෑය. එය මෙරට බෞද්ධ ප‍්‍රබෝධය වෙනුවෙන්ද සුවිශේෂී බව සටහන් කළ යුතුය. මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ අතිශය වන්දනීය පූජනීය ස්ථානයක් වනවා සේම ඒ වටා ඉදිකරණු ලබන අර්ධෝන්නත ගල්කැටයම් සහිත සම්බුද්ධ ශාසන ඉතිහාසය, බෝසත් සිරිත හා දම්සක් පැවතුම් සූත‍්‍රය සංකල්ප රූප වලට න`ගා කොටන ලද ශෛලමය කැටයම් තුළින් නිර්මාණය කිරීමට කටයුතු යෙදීම මෙය කලාගාරයක් ලෙස පත්වීමටද හේතුවක් වේ. මෙම ස්ථානය අනාගතයෙහි සාංචි පුදබිම, අජන්තා, එල්ලෝරා කැටයම් මෙන් ලෝක පූජිත පූජනීය ස්ථානයක් වන බවට පත්වනු නොඅනුමානය. වසර දෙදහසක් ඉක්ම ගියද අප දුටුගැමුණු රජතුමා මෙන්ම රුවන්වැලිසෑයත් සිහි කරන්නේ මහත් බැතියෙනි. එලෙසම ඉදිරි වසර දහස් ගණනක් පුරා ‘සඳහිරු සෑය’ත් එය නිර්මාණයට මූලික වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ නාමයත් දිලෙනු ඇත. රුවන්වැලි මහා සෑය ඉදිකරන පුණ්‍ය භූමිය පිළිබඳ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස මහ රජතුමාට කියූ බව ඓතිහාසික ග‍්‍රන්ථවල සඳහන් වේ. අනාගතයේ දී ඔබේ මුණුබුරෙක් ලෙස ඉපදී මෙම මහා ස්තූපය කරවනවා යනුවෙන් වදාළ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් ‘‘සඳහිරු සෑය’’ ගැන නම් එවැනි කතාවක් නැත. නමුත් මෙය බෞද්ධ ඉතිහාසය අලූතින් ලියවන ස්ථූපයක් බව සටහන් කරනු කැමැත්තෙමි. මෙරට වැසියන්ට පමණක් නොව ථෙරවාදී ලෝකයටම දායාද වන මහා උරුමයකි. බුදු දහම නිවැරදිව හඳුනාගත් සැදැහැවත් රජවරුන් සිටි කාලවල බුදු සසුනේ දියුණුවත් විකාශයත් හොඳින් ඇති විය. රජවරු බුදු සසුනට විරුද්ධව සිටි කාලවලදී වෙහෙර විහාරවලට, දහම් පොත්වලට මෙන්ම භික්ෂූන්ට ද බොහෝ හානි සිදුවිය. එයින් බුදු සසුන වැනසී ගියේය. එය සියලූ කාලයට පොදුය. නමුත් මේ මහා සෑය ඉදිවීමෙන් කියවෙන්නේ මේ කාලය සැබවින්ම ශාසන හිතකාමී යුගයක් බව නොවේද? බුදුන් වහන්සේ ජීවමානව වැඩවසන කල මගධාධිපතිව රාජ්‍ය කළේ බිම්බිසාර රජු ය. පසේනදී කොසොල් රජු කෝසල ජනපදයෙහි රජු ය. මේ රජවරු දෙදෙනාම භාග්‍යවතුන් වහන්සේට හිතෛෂීව සිටියහ. මෙයිනුත් බිම්බිසාර රජු සෝවාන් ඵලයට පත්වූවෙකි. මේ රජවරුන්ගේ රැුකවරණය සහ අනුග‍්‍රහය හේතුවෙන් බුදු සසුනේ බොහෝ දියුණුව ඇති විය. මේ කතා එදාට අදට මෙන්ම අනාගතයටත් වැදගත් වේ.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment