දංගෙඩියට යවන්නේ නැහැ: තැපෑලේ ඉඩම් ගැන තැපැල්පතිගෙන් හෙළිදරව්වක්‌!

138

බිලියන 5 ක පමණ ආදායම් හා වියදම් පරතරයක් සහිතව පවත්වාගෙන යන තැපැල් දෙපාර්තමේන්තුවට ප‍්‍රාග්ධන වියදම් සඳහා අරමුදල් සපයා ගැනීමේ ගැටලූ සහගත තත්ත්වයක් පවතිද්දී පවතින ගොඩනැඟිලි පිළිසකර කිරීම් නඩත්තුව සඳහා දැරීමට සිදුවන අධික වියදම සළකා තැපැල් ඉඩම්වල නවීන කාර්යාල පද්ධති ඉදිකර සංවර්ධනය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරත්ව ක‍්‍රමවේදය යොදා ගනිමින් පියවර ගනිමින් සිටින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික සහයෝගය ලබා ගන්නා බවත් සහාධිපත්‍ය කළමනාකරණ නීතිය යටතේ එම ඉදිකිරීම් කටයුතුවලින් පසු එම ගොඩනැඟිලිවල පරම අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුවන බවත් ඔහු පවසයි. තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව දළ වශයෙන් රුපියල් මිලියන 14 ක් වැනි බරක් දරන බව ද බිලියන 9 කට ආසන්න වන ආදායමෙන් 91% ක් පමණ වැටුප් හා දීමනාවලට වැය කරන බවත් ආරියරත්න මහතා පවසයි.

මේ සඳහා දෙපාර්තමේන්තුව සතු කිසිදු ඉදිකිරීමක් කර නොමැති තැපෑල වෙත පවරාදී ඇති ඉඩම් හා ඌන උපයෝජිත ගොඩනැඟිලි හඳුනා ගනිමින් සිටින බවත් ඔහු පවසයි.තැපෑලේ ඉඩම් දංගෙඩියට යන පුවත පිළිබඳව පසුගිය 21 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ මුල් පිටුවේ පළවූ පුවත ගැන කරුණු දක්වමින් ආරියරත්න මහතා අප වෙත එවා ඇති ලිපියක මේ බව සඳහන් වේ. එහි මෙසේද සඳහන් වෙයි. ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තැපැල් කාර්යාල 654 ක් හා උප තැපැල් කාර්යාල 3410 ක් ක‍්‍රියාත්මක වේ. තැපැල් කාර්යාල 654 න් 500 ක්ම තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිලිවල හෝ වෙනත් රජයේ කාර්යාල ගොඩනැඟිලි තුළ පවත්වාගෙන යනු ලබන අතර ඉතිරි කාර්යාල 154 පෞද්ගලික ගොඩනැඟිලි තුළ කුලී පදනම යටතේ පවත්වාගෙන යනු ලැබේ.

උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැඟිලි සපයා ගැනීම ඒ ඒ උප තැපැල් ස්ථානාධිපතිවරයාගේ වගකීමක් වන අතර ඒ සඳහා මාසිකව සුළු මුදලක් කාර්යාල කුලී ලෙස උපතැපැල් ස්ථානාධිපති වෙත දෙපාර්තමේන්තුව විසින්

ගෙවනු ලබයි. එසේම උප තැපැල් කාර්යාල 110 ක් පමණ ගෙවීමකින් තොරව රජයේ ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි. කුලී ගොඩනැඟිලි තුළ පවත්වාගෙන යනු ලබන සමහර තැපැල් කාර්යාල අත්‍යාවශ්‍යයෙන්ම එම

ගොඩනැඟිලි තුළ පවත්වාගෙන යා යුතුව ඇත. (උදා: ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, සෙත්සිරිපාය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදී තැපැල් කාර්යාල) දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි අතුරින් බොහොමයක් ඉදිකර අවුරුදු 50 ක් 60 ක් පමණ වන අතර සමහර ගොඩනැඟිලි අවුරුදු 100 ද ඉක්මවා ඇත. ඒවා නඩත්තු කරගෙන යෑම ඉතා දුෂ්කර වන අතර සමහර ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කර භාවිතා කිරීමද කළ නොහැකි තත්ත්වයක පවතී. (උදා: අනුරාධපුර ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල) තව සමහර

ගොඩනැඟිලි වාණිජ වශයෙන් ඉතා වටිනා ඉඩම්වල ඉදිකර ඇති අතර තනි මහල් ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි. එවැනි ඌන උපයෝජිත සහ පැරණි ගොඩනැඟිලි දැඩි අඩු පහසුකම් සහිතව හා අවම අලූත්වැඩියාවන් රහිතව එසේම පවත්වාගෙන යෑම ප‍්‍රායෝගික නොවන බව නිරීක්‍ෂණය කරමු. (උදා:- ශ‍්‍රී ජයවර්ධනපුර තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල.) එසේම කුලී පදනම මත පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි වෙනුවට නව ගොඩනැඟිලි ඉදිකර

ගැනීම සඳහා ඉඩම් කොටස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන ඇතත්, එම ඉඩම්වල ඉදිකිරීම් සඳහා වාර්ෂික අයවැය වලින් ප‍්‍රතිපාදන ලබා ගැනීම දුෂ්කර වී ඇති බව ද ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment