දක්‍ෂතම ක්‍රීඩකයා යෝධසිංහ ක්‍රීඩිකාව තරුෂි

50

48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය

දේශීය මලල ක්‍රීඩා කෙළිබිම දක්‍ෂතම ක්‍රීඩකයා බවට පත් වෙමින් ඊයේ (19දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති 48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද රන් පදක්කමට සබරගමුව පළාතේ චමෝද් යෝධසිංහ හිමිකම් කීය.

අවසන් සටනේ දී තත්. 10.42 ක තරග නිමි කාලයක් ගත කළ චමෝද් යෝධසිංහ මූලික වටය ජය ගත්තේ නව තරග වාර්තාව තම නමින් සටහන් කර ගනිමින් වීම ඉහළ අගයක් ගත්තේය. එකී රිදී පදක්කම දකුණු පළාතේ ඩී.අයි. වීරරත්න (තත්. 10.71) ට ද ලෝකඩ පදක්කම දකුණු පළාතේ ටී. බී. උඩගෙදර (තත්. 10.76) ට ද හිමි විය.

මෙවර කාන්තා මීටර් 100 රන් පදක්කමට හිමිකම් කියූ ඌව පළාතේ ටී. ඒ. මුතුකුමාරණ (තත්.11.99) මෙරට වේගවත්ම ක්‍රීඩිකාව බවට ඊයේ (19දා) පත් විය. එහි රිදී පදක්කම බස්නාහිර පළාතේ ඩබ්ලිව්. වී. එල්. සුගන්ධි (තත්.12.02) හිමි කර ගත් අතර එච්. කේ. ටී. ඩිලුක්ෂණී සිල්වා (තත්.12.35) ට ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

ඊයේ පැවති තරග ආශ්‍රිතව නව වාර්තා බිහි කරමින් කැපී පෙනෙන්නට නැගෙනහිර පළාතේ ඩබ්ලිව්. ඒ. එම්. ආර්. විජේසූරිය (කාන්තා මීටර් 5000 – මිනිත්තු 16.41.0) සහ සබරගමුව පළාතේ ආර්. ආර්. ඩී. රණතුංග (මීටර් 110 කඩුළු මතින් දිවීම – තත්: 13.99) සමත් වූහ. රිදී පදක්කම සමගින් එහි පැවති තරග වාර්තාව අභිබවා යන්නට බස්නාහිර පළාතේ නදුන් කවීෂ බණ්ඩාර (තත්:14.06) ට හැකියාව ලැබිණි.

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මීටර් 800 නියෝජනය කරමින් සහභාගි වන තරුෂී කරුණාරත්න ඊයේ දිනයේ දී මීටර් 400 ඉසව්වේ රන් පදක්කම මධ්‍යම පළාතට දිනා දීමට සමත් වීම කැපී පෙනුණි. තරුෂි ට ඒ සඳහා ගත වූ කාලය තත්.52.69 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර, ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment