දකුණු ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලියේ තෙවැනි ස්ථානය ශී‍්‍ර ලංකාවට

160

බංග්ලාදේශ ඩකා නුවර පැවැති 05 වැනි මධ්‍යම දකුණු ආසියානු ජිමිනාස්ටික් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයේ 03 වැනි ස්ථානය ජයග‍්‍රහණය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකිවිය.

 ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, උස්බෙකිස්තානය ඇතුළු රටවල් 7ක සහභාගිවයෙන් ඔක්තෝබර් 26 දින සිට 31 වැනි දින දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර මෙම තරගාවලිය පැවැත්විණි.

 ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමේ පුහුණුකරු තරිඳු නදුන් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන්, රුචිර සංජන, හංස ගයාෂාන්, ජූඞ් මලින්, උදිත සංකල්ප යන කී‍්‍රඩකයින්ගේ දක්ෂතාවයෙන් ජිම්නාස්ටික් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයේ 03 වැනි ස්ථානය ජයග‍්‍රහණය කිරීමට හැකිවිය.


advertistmentadvertistment