දකුණු ආසියානු පාසල් ටයිකොන්ඩෝ තරගාවලියට රෝචන ලංකානාත්

22

රුවන්පුරේ ඇලෝසියස් නාමය නැවතත් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට රැගෙන යමින් 2024 බංගලාදේශයේ ඩකා නගරයේදී ජූලි 10 සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාසල් සටන් ක්‍රීඩා තරගාවලියේ ටයිකොන්ඩෝ තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ රෝචන ලංකානාත් ක්‍රීඩකයා සමත් වී ඇති අතර මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මොහු මෙම ක්‍රීඩා උළෙලට සහාභාගිවීමට නියමිතය.

රෝචන ලංකානාත් ක්‍රීඩකයා 2023 ආසියානු පාසල් ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහිදී තෙවන (3 වන) ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇති අතර, සමස්ත ලංකා පාසල් ටයිකොන්ඩෝ ශූරතාවලියේ දී ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ඇලෝසියස් නාමය ඉහළින් ඔසවා තැබීමට සමත් වී ඇත.

විද්‍යාලයේ ප්‍රධාන ටයිකොන්ඩෝ පුහුණුකරු ලෙස සමුදුර විජේසේන කටයුතු කරන අතර ඔහු යටතේ කුඩා කල පටන් පුහුණුවීම් කළ රෝචන ජාතික හා ජාත්‍යන්තර තරගාවලි රැසක් නියෝජනය කොට ජයග්‍රහණ ලබාගෙන ඇත. මෙම තරගාවලිය දකුණු ආසියානු පාසල් ක්‍රීඩා සම්මේලනය හා බංගලාදේශ පාසල් ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment