දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට ගිය සඟරාජපුර පාසලේ මධුභාෂිණීට ලෝකඩ පදක්කමක්

36

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ, හතරලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ, සඟරාජපුර මහා විදුහලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිසංසලා මධුභාෂිණී දියණිය ලෝකඩ පදක්කම හිමිකර ගැනීම ට සමත්වූවා ය.

2024 මධ්‍යම පළාත් නව තරග වාර්තාවක් සමග රන් පදක්කමක්ද, ශ්‍රී ලංකා කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක්ද, නිසංසලා මධුභාෂිණී සිසුවිය හෙල්ල විසිකිරීමේ තරගයෙන් දිනා ගැනීමට සමත් වූ බවත්, එය මධ්‍යම පළාතට පමණක් නොව මුළුමහත් ශ්‍රී ලංකාවටම කීර්තියක් බවත්, සඟරාජපුර මහා විදුහලේ විදුහල්පති එස්. බී. හේරත් මහතා ‘දිවයින’ ට පැවැසිය. මෙම දියණියගේ ක්‍රීඩා පුහුණු කරු ලෙස ඉසුරු වැටකේපොත මහතා කටයුතු කරනු ලබයි.

හතරලියද්ද – කිත්සිරි බණ්ඩාර සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment